නවසීලන්ත වැසියන්ගේ තරබාරු බව පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාව අනුව තරබාරු භාවය නිසා වැඩිම පීඩාවට පත්ව සිටින පිරිස වාර්තා වී ඇත්තේ දකුණු ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන්ය.
ඒ අනුව දකුණු ඕක්ලන්ඩ් හී සෑම වැඩිහිටි පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 07 දෙනෙකු තරබාරු භාවයට පත්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
නවසීලන්ත පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය තේරීම් කාරක සභාව වෙත පසුගිය සතියේ ඉදිරිපත් වූ වාර්තාවක් හරහා මේ බව අනාවරණය වී තිබෙනවා.
නවසීලන්තය තුළ වැඩිම තරබාරු පිරිසක් වාර්තා වී ඇත්තේ Manukau දිස්ත්‍රික්කයෙන් වන අතර නවසීලන්තයේ තුළ BMI අගය 40 ට වඩා වැඩි පිරිසගෙන් 19%ක්ම වාර්තා වී ඇත්තේ දකුණු ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් බවටද අදාළ වාර්තා වනවා.
මෙම තත්ත්වය සැලැකිල්ලට ගනිමින් Te Whatu Ora (Counties Manukau) ජනගහන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය Gary Jackson පවසා සිටියේ නව විශේෂඥ බර කළමනාකරණ සේවාවක් ලබන ජූනි මාසයේ සිට නිල වශයෙන් ආරම්භ කරන බවයි.
එහි මෙහෙයවීමේ කටයුතු ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ අන්තරාසර්ග විද්‍යාඥ ආචාර්ය රින්කි මර්ෆි විසින් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඒකකයේ දී ප්‍රථමයෙන් බාරියාට්‍රික් සැත්කම් සඳහා ප්‍රතික්ෂේප වූ රෝගීන් හෝ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති සහ 35 ට වැඩි BMI ඇති තරුණ රෝගීන් වෙත අවධානය යොමු කරන බවත් ඔවුන් සඳහා සති 12 ක් සඳහා සම්පූර්ණ ආහාර ප්‍රතිස්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙමඟින් ප්‍රතික්ෂේප වූ බාරියාට්‍රික් සැත්කම් කිරීම සඳහා ඉඩ ලැබෙනු ඇති බවත් වාර්තා වනවා.
එක්සත් රාජධානියේ නිව්කාසල් හි ක්‍රියාත්මක වන එවැනිම වැඩසටහනක් මත පදනම්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
COMMENTS