HomeGeneral

කාන්තා දෙවන ODI තරඟයේ ජය නවසීලන්තයට

කාන්තා දෙවන ODI තරඟයේ ජය නවසීලන්තයට

2nd ODI, Galle, June 30, 2023, ICC Women's Championship - Summary

ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….
සැප්තැම්බරයෙන් ආරම්භවූ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩා වසන්තය
වනිදු හසරංගට T20I තරඟ අහිමිවීමක් …

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායමේ Sophie Devine (c) හතරේ පහර 17ක් හයේ පහර 2ක් සමග ලකුණු 137ද, Amelia Kerr හයේ පහරක් සහ හතරේ පහර හතක් සමග ලකුණු 108ක් ද, Bernadine Bezuidenhout † ලකුණු 25ක් ද ලබා පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී මුලු ලකුණු 329 ලබාගත්තා. ඉන්පසු ලකුණු 329යේ ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කවීෂා දිල්හාරි හතරේ පහර නවයක් සමග ලකුණු 84ක් ද අනුෂ්කා සංජීවනී ලකුණු 17ක් ද කාව්‍යා කාවින්දි ලකුණු 15ක් ද විෂ්මි ගුණරත්න ලකුණු 12ක් ද රැස්කරමින් තරඟය නිමාවනවිට ඔවුන් මුලු ලකුණු 218 පමණක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම අද දිනයේ තරඟය ලකුණු 111ක ජයක් අත්කර ගත්තේය.

Share this:
error: Content is protected !!
×