HomeNewsSri Lankan News

“Clean Sri Lanka” වෙනුවෙන් ජනපති සමඟ සංගා මහේලත් එක්වෙයි

“Clean Sri Lanka” වෙනුවෙන් ජනපති සමඟ සංගා මහේලත් එක්වෙයි

සුපිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පුරවැසියාගේ වගකීම අවධාරණය කෙරෙන "Clean Sri Lanka" වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද

අද මැති සභේ කතාව “Clean Sri Lanka” ගැනයි
Clean Sri Lanka වැඩසටහන සදහා රාජ්‍ය නොවන සංවිධාන වල සහයත් ලැබේ..
“Clean Sri Lanka” වැඩසටහන ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

සුපිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පුරවැසියාගේ වගකීම අවධාරණය කෙරෙන “Clean Sri Lanka” වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද එළිදැක්විණි.

නව වසරේ රාජකාරී ඇරඹෙන පළමු දිනය වන අද දින “Clean Sri Lanka” වැඩසටහන එළිදක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ සමස්ත ගරා වැටුණු , දිරා වැටුණු මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණ බවයි.

“Clean Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය හා ජනාධිපති කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු මැති ඇමතිවරුන් , විදේශ තානාපතිවරුන් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම නිල උත්සවය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් සඳහන් කළේ සියලු පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතු බවයි. එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසීය.

නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බව ද පැවසු ජනාධිපතිවරයා, අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇතැයි ද කියා සිටියේය.

දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බව ද පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සඳහා සහාය ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩසටහන වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නයකයින් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ද එක්ව සිටීම විශේෂත්වයක්.

Share this:
error: Content is protected !!
×