HomeNewsSri Lankan News

අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා…

අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා…

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ

Woolworths නවසීලන්තයට නැවත පැමිණේ…
පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන Channel 4 වෙතින් ආන්දෝලනාත්මක අනාවරණයක්.
Spa Ceylon, 2023 World Luxury Spa Awards හිදී හොඳම රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා වන සම්මාන තුනක් දිනා ගනී.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදි තීරණය වී තිබේ. ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) පෙබරවාරි 17 වැනිදා සිදුකිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය.

අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.

Share this:
error: Content is protected !!
×