HomeNews

Imran Khan නිදහස් කරන ලෙස ඉල්ලා පාක්ස්ථාන වැසියන් වීථි බසී

Imran Khan නිදහස් කරන ලෙස ඉල්ලා පාක්ස්ථාන වැසියන් වීථි බසී

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති Imran Khan නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටි

නත්තලට පෙර නවසීලන්ත අහස අලංකාර කිරීමට දුර්ලභ උල්කාපාත වර්ෂාවක්
Waitangi ගිවිසුම් මූලධර්ම පනතට එරෙහිව ජාතික හීකොයි විරෝධතා පා ගමන
Apple සමාගම නවතම iPhone 16 මාදිලිය හඳුන්වාදෙයි

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති Imran Khan නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය විසින් සංවි­ධාන කළ එම විරෝ­ධතා පා ගමන පාකි­ස්තා­නයේ නගර රැසක සිට අති­වි­ශාල ජන සහ­භා­ගි­ත්ව­යෙන් අග­නු­වර කරා ළඟාවී ඇති බවත්, රජයේ නියෝග මත ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා සියලු ප්‍රධාන මාර්ග කන්ටේ­නර් බහා­ලුම් යොදා අව­හිර කළද ඒ සියලු මාර්ග බාධක නොත­ක­මින් ජන­තාව ඉදි­රි­යට ඇදෙ­මින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙසත්, රජ­යට ඉල්ලා අස්වන ලෙසත් බල කර­මින් පැවැ­ත්වෙන විරෝ­ධතා රැලිය මැඬ පැවැ­ත්වී­මට ඛාන් හිත­වා­දීන් හාර­ද­හ­ස­කට අධික පිරි­සක් පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු පස්දෙ­නකු ද ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ඉස්ලා­මා­බාද් නුවර ‘රතු කලා­ප­යක්‘ ලෙස නම් කර ඇති බැවින් අග­නු­ව­රට පැමි­ණෙන ඛාන් හිත­වා­දීන් අත්අ­ඩං­ගු­වට ගන්නා බව ඊයේ මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් එරට අභ්‍ය­න්තර කට­යුතු ඇමැති මොෂින් කන්වි ප්‍රකාශ කර ඇතැයි ද, විරෝ­ධතා පා ගමන මැඬ පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු පිය­වර ගත් බව ඔහු සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. විරෝ­ධතා රැලිය මැඬ පැවැ­ත්වීමේ අර­මු­ණින් රජය විසින් අන්ත­ර්ජාල සබ­ඳතා අව­හිර කර ඇති බවට ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය චෝදනා එල්ල කර ඇති අතර, එරට අභ්‍ය­න්තර කට­යුතු ඇමැ­ති­ව­රයා එම චෝද­නාව ප්‍රති­ක්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. පාකි­ස්තාන ඉති­හා­සයේ පැවැ­ත්වෙන බව කියන විශා­ල­තම විරෝ­ධතා රැලිය මෙය බවත්,  දේශීය මාධ්‍ය මෙන්ම විදේ­ශීය මාධ්‍ය නාළිකා රැසක් එම ඓති­හා­සික විරෝ­ධතා රැලිය සජී­වීව විකා­ශය කිරී­මට කට­යුතු යොදා ඇති බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

Share this:
error: Content is protected !!
×