නවසීලන්තය තුළ නව කල්ලි ලාංඡන තහනම් නීතිය යටතේ පොලීසිය මුල් වරට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Wairoa හි වෙළඳසැලක කල්ලි ලාංඡනයක් පැළඳ සිටි පු
නවසීලන්තය තුළ නව කල්ලි ලාංඡන තහනම් නීතිය යටතේ පොලීසිය මුල් වරට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Wairoa හි වෙළඳසැලක කල්ලි ලාංඡනයක් පැළඳ සිටි පුද්ගලයෙකු සහ Papakura හි මහමඟ කල්ලි සංකේත සහිතව සිටි Mongrel Mob සාමාජිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර, නීතිය ක්‍රියාත්මක වී මිනිත්තු කිහිපයකට පසු Hastings හි මෝටර් රථයකින් Mongrel Mob සංකේතයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අමාත්‍ය මාර්ක් මිචෙල් අවධාරණය කළේ බොහෝ දෙනා නීතියට අවනත වන නමුත්, නව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම්ව සිටින බවයි.