HomeNewsSri Lankan News

හේමසිරි – පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

හේමසිරි – පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි ප

වෙලින්ටන් වික්ටෝරියා විශ්ව විද්‍යාලය තනතුරු 260ක් පමණ කපා හැරීමට සැලසුම් කරයි
ශ්‍රී ලංකාවේ online visa system එක නැවතත්…
දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය කාන්තා T20 ලෝක කුසලාන අවසන් සටන ඇරඹේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා හේතුවෙ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් නියෝගයට එරෙහිව, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණයට එළැඹ ඇත. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉන් අනතුරුවය.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, එම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්ති වාචකය කැඳවීය යුතුව තිබූ බවයි.

Share this:
error: Content is protected !!
×