ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ලකුණු 69 ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.ඒ අනුව 2023 අළු බඳුන
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ලකුණු 69 ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව 2023 අළු බඳුන ටෙස්ට් තරගාවලිය 2-2 ලෙස ජය පැරදුම කින් තොරව අවසන් විය.
පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ එංගලන්තයේ Birmingham හිදී දි වන අතර එම තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු දෙකකින් ජයග්‍රහණය කරන ලදී.
දෙවන තරගය පැවැත්වුණේ Lords හිදී වන අතර එම තරඟය ලකුනු 43 කින් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
Leeds හිදී පැවැත්වූ තුන්වන ටෙස්ට් තරගය එංගලන්ත කණ්ඩායම කඩුළු තුනකින් ජය ගන්නා ලදී.
සිව්වන Test තරගය පැවැත්වුණේ Manchester හිදී වන අතර එම තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.
පස්වන සහ අවසාන ටෙස් තරගය පැවැත්වුණේ Oval ක්‍රීඩාංගණයේදී ය.
එම තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 49කින් ජය ගන්නා ලදී.
ඒ අනුව තරග 5න් සමන්විත වූ අළු බඳුන ටෙස්ට් තරගාවලිය තරග 2ට 2ක් ලෙස ජය පැරදුමකින් තොරව අවසන් විය.
මෙම ටෙස්ට් තරගාවලියේ විශේෂත්වයක් වූයේ,
එංගලන්ත ප්‍රබල වේග පන්දු යවන Stuart Broadගේ අවසන් ටෙස්ට් තරගාවලිය වීමයි.
ටෙස්ට් තරඟ 167දී කඩුලු 604ක් ලබාගෙන ඇති Stuart Broad එංගලන්තය වෙනුවෙන් දෙවන වැඩිම ටෙස්ට් කඩුලු ලාබියා වේ.
එපමණක් නොව ප්‍රභල වේගපන්දු යවන ක්‍රීඩක James Andersonගේද අවසන් අළු බඳුන තරඟාවලිය මෙය විය හැකි බව විචාරකයින් පවසයි. 40 හැවිරිදි Anderson මේවන විට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩක ලයිස්තුවේ දෙවෙනියා ලෙස ස්ථාන ගතව ඇත.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුළු ලභියා ඔහු ය.
තව ද අවසන් ටෙස්ට් තරගයේදී Jonny Bairstorwගේ දුවද්දී දැවී යාම,
සහ Ben Stokes විසින් Steve Smith ගේ උඩපන්දුව රැකගෙන සැනින් එය ගිලිහී යාම යන මතභේදාත්මක සිදුවීම් ඔස්සේ මෙම තරගාවලිය ක්‍රියාත්මක විය.
තරඟාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් වූයේ ඕස්ට්‍රේලියාවේ Usman Khwaja, එංගලන්තයේ Zak Crawley සහ එංගලන්තයේ Joe Root වේ.
තරඟාවලියේ වැඩිම කඩුළු ලාභීන් වන්නේ ඕස්ට්‍රේලියාවේ Mitchel Starc , එංගලන්තයේ Stuart Broad සහ එංගලන්තයේ Chris Woaks වේ.
තරඟාවලියේ ක්‍රීඩකයන් ලෙස එංගලන්ත කණ්ඩායමේ Chris Woaks සහ Mitchel Starc සම්මානයට පාත්‍ර විය.
කෙසේ නමුත් අළුබදුන ටෙස්ට් තරග ඉතිහාසයේ විශිෂ්ටතම තරගාවලියක් ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකි බව ක්‍රීඩා විස්තර විචාරකයින්ගේ මතයයි.