HomeNewsSri Lankan News

වසර 30ට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කරයි

වසර 30ට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කරයි

දශක තුනකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට කටයුතු කර තිබේ.පැවති යුධ තත්

ජනපති අනුර චීනය බලා යන්න සුදානම්
දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙනවා – Donald Lu
“ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත  රජය සූදානම්” – නෙදර්ලන්ත තානාපතිතුමිය කියයි

දශක තුනකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට කටයුතු කර තිබේ.

පැවති යුධ තත්ත්වය හේතුවන් වසර 30 මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් මාර්ගය මහ ජනතාවට විවෘත නොවිණි. කලක සිට මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.

ඒ අනුව පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.

Share this:
error: Content is protected !!
×