සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' සඳහා ජනා
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.
එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. ප්‍රදර්ශණ කුටි කිහිපයක සංචාරය කළ ජනාධිපතිවරයාට පොත් ප්‍රදර්ශණයට පැමිණි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලබිණ. මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත ය.