HomeNew Zealand

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට නවසීලන්තයෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට නවසීලන්තයෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ නවතම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට නවසීලන්ත අගමැති විසින් සුබපැතුම් එක් කර ඇත. නවසීලන්ත අගමැති විසින් X(ට්විටර්)

සිවිලිමේ සැඟවුණු ලක්ෂ ගණනක මුදල්: ක්‍රයිස්ට්චර්ච් යුවළක් හා පොලීසිය අතර නීති යුද්ධයක්
දීර්ඝකාලීන කොවිඩ් හේතුවෙන් නවසීලන්තයට වාර්ෂිකව බිලියන 2ක පාඩුවක්
ශක්තිමත් දේශගුණික ක්‍රියාමාර්ගයක් ඉල්ලා නවසීලන්තය පුරා තරුණ ක්‍රියාකාරීන් පාගමනක්

ශ්‍රී ලංකාවේ නවතම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට නවසීලන්ත අගමැති විසින් සුබපැතුම් එක් කර ඇත. නවසීලන්ත අගමැති විසින් X(ට්විටර්) පණිවුඩයක් හරහා මෙම සුබපැතුම් එක් කර තිබේ.

එම පණිවුඩයේ සඳහන් වන්නේ, “ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමි. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යනු ඉන්දු-පැසිෆික් කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකක්. මෙම ආරක්ෂිත, නිදහස් සහ සාධාරණ මැතිවරණය, ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආරක්ෂා කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැදගත් සන්ධිස්ථානයකි.”

මීට අමතරව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද නවසීලන්ත අගමැතිවරයා සඳහන් කර ඇත.

මෙම සුබපැතුම්වලට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවසීලන්ත නවසීලන්ත අගමැතිවරයාට ස්තූතිය පළ කර ඇත. එමෙන්ම, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙම සුබපැතුම් හුවමාරුව දෙරට අතර ඇති මිත්‍රශීලී සබඳතාවය පිළිබිඹු කරන අතර, අනාගතයේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share this:
error: Content is protected !!
×