HomeNew Zealand

සිවිලිමේ සැඟවුණු ලක්ෂ ගණනක මුදල්: ක්‍රයිස්ට්චර්ච් යුවළක් හා පොලීසිය අතර නීති යුද්ධයක්

සිවිලිමේ සැඟවුණු ලක්ෂ ගණනක මුදල්: ක්‍රයිස්ට්චර්ච් යුවළක් හා පොලීසිය අතර නීති යුද්ධයක්

ක්‍රයිස්ට්චර්ච් නගරයේ යුවළක් තම නිවසේ සිවිලිමේ සැඟවී තිබී සොයාගත් ඩොලර් 232,000ක මුදලක් සම්බන්ධයෙන් පොලීසිය සමඟ නීතිමය අරගලයක පැටලී සිටිති. 2021 දී ත

නවසීලන්ත රජයට අභියෝගාත්මක ආර්ථික අනාවැකියක්
විද්‍යා යටිතල පහසුකම් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට නවසීලන්තය Kitmap දියත් කරයි
නවසීලන්ත අගමැති තම බදු සහනය Charity සඳහා පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි…

ක්‍රයිස්ට්චර්ච් නගරයේ යුවළක් තම නිවසේ සිවිලිමේ සැඟවී තිබී සොයාගත් ඩොලර් 232,000ක මුදලක් සම්බන්ධයෙන් පොලීසිය සමඟ නීතිමය අරගලයක පැටලී සිටිති. 2021 දී තම නිවස මිලදී ගැනීමෙන් පසු, විදුලි වැඩ කටයුතු සිදු කරන අතරතුර යුවළ වායු බන්ධිත මලු(vacuum-sealed bags ) පහක මුදල් සොයාගෙන ඇත. එහි සැකසහිත සම්භවය හේතුවෙන් ඔවුන් මුදල් පිළිබඳව පොලීසියට වාර්තා කර ඇත. පොලීසිය විශ්වාස කරන්නේ මෙම මුදල් අපරාධ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් බවත්, බොහෝ විට මත්ද්‍රව්‍ය ජාවාරමේ ආදායම් විය හැකි බවත්ය. ඒ අනුව යුවළට මුදල් තබා ගැනීම වැළැක්වීමට පොලීසිය තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.

යුවළ තර්ක කරන්නේ ඔවුන් නිර්දෝෂී පාර්ශවයක් වන අතර නීත්‍යානුකූලව දේපළ මිලදී ගත් බැවින් මුදල් තබා ගැනීමට ඔවුන්ට අවසර දිය යුතු බවයි. ඔවුන්ගේ නීතිඥයා පවසන්නේ මුදල් ඔවුන් සන්තකයට පත් වූ පසු ඕනෑම අපරාධ සම්බන්ධතාවයක “කැලැල” නැති වී ගිය බවයි. කෙසේ වෙතත්, විනිසුරු රේචල් ඩනිංහැම් පොලීසිය සමඟ එකඟ වෙමින්, නිල පවරන්නාගේ පාලනය යටතේ මුදල් රඳවා තැබීමට නියෝග කර ඇත. මුදල් අපරාධ ලාභ ලෙස රජයට අත්පත් කර ගත යුතුද යන්න මහාධිකරණය තීරණය කිරීමට පෙර යුවළට නැවත වරක් තම තර්කය ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

Share this:
error: Content is protected !!
×