HomeNews

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්රෝන හා බැලස්ටික් මිසයිල ප්‍රහාර

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්රෝන හා බැලස්ටික් මිසයිල ප්‍රහාර

ඉරානය පෙර නොවූ විරූ පළිගැනීමේ මෙහෙයුමකින් ඩ්‍රෝන යානා, බැලිස්ටික් මිසයිල සහ කෲස් මිසයිල සිය ගණනක් දියත් කිරීමෙන් පසු ඉරිදා අලුයම ඊශ්‍රායලය පුරා බූම්

2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් උන්මාදය අවසන්.
නවසීලන්ත නව පොලිස් ඇමතිගෙන් ප්‍රතිඥාවක්
නවසීලන්තයේ වයස්ගතම මිනිසා ජැක් කෝ මිය යයි

ඉරානය පෙර නොවූ විරූ පළිගැනීමේ මෙහෙයුමකින් ඩ්‍රෝන යානා, බැලිස්ටික් මිසයිල සහ කෲස් මිසයිල සිය ගණනක් දියත් කිරීමෙන් පසු ඉරිදා අලුයම ඊශ්‍රායලය පුරා බූම් සහ ගුවන් ප්‍රහාර සයිරන් නාද විය. මෙය ඉරානය ඊශ්‍රායලය වෙත ප්‍රථම වරට කරන ඍජු ප්‍රහාරයකි.

1979 ඉස්ලාමීය විප්ලවය දක්වා දිවෙන දශක ගනනාවක එදිරිවාදිකම් නොතකා ඉරානය ඊශ්‍රායලයට සෘජු මිලිටරි ප්‍රහාරයක් දියත් කළ පළමු අවස්ථාව මෙම ප්‍රහාරය සනිටුහන් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සහ අනෙකුත් අය මෙම ප්‍රහාරය අනුමත නොකරන අතර ප්‍රංශය ප්‍රකාශ කළේ ඉරානය “මේ තුළින් නැවත මිලිටරිකරණය උත්සන්න වනු ඇති බවයි” බ්‍රිතාන්‍යය ප්‍රහාරය “නොසැලකිලිමත්” ලෙස හැඳින්වූ අතර ජර්මනිය කියා සිටියේ ඉරානය සහ එහි අනුගාමිකයින් “වහාම එය නැවැත්විය යුතු” බවයි.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක, Rear Adm. Daniel Hagari පැවසුවේ ඉරානය ඩ්‍රෝන, කෲස් මිසයිල සහ බැලස්ටික් මිසයිල විශාල ප්‍රමාණයක් එල්ල කළ බවයි – අති බහුතරයක් ඊශ්‍රායල දේශසීමාවෙන් පිටතදී අල්ලා ගත් බව. ඊශ්‍රායල ගුවන් සීමාවෙන් පිටතදී පමණක් යුද ගුවන් යානා කෲස් මිසයිල 10කට අධික ප්‍රමාණයක් අල්ලා ගත් බව ඔහු පැවසීය.

Share this:
error: Content is protected !!