2024 ජනවාරි මාසයේදී, නවසීලන්තයේ දේපල වෙලඳපොල මිල වැඩිවීමක් සිදුවී ඇත. මෙලෙස මිලගණන් ඉහල ගියේ වසරකට වැඩි කාලයක් තුළ ප්‍රථම වරටයි, ඒ 0.7%ක ප්‍රතිශතයකින
2024 ජනවාරි මාසයේදී, නවසීලන්තයේ දේපල වෙලඳපොල මිල වැඩිවීමක් සිදුවී ඇත. මෙලෙස මිලගණන් ඉහල ගියේ වසරකට වැඩි කාලයක් තුළ ප්‍රථම වරටයි, ඒ 0.7%ක ප්‍රතිශතයකිනි. Trade Me හි Gavin Loyd යෝජනා කරන්නේ මෙය විශේෂයෙන්ම පොලී අනුපාත පහත වැටීම් සහ උද්ධමනය ලිහිල් කිරීම සමඟ වෙළඳපල යථා තත්වයට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමක් වියහැකි බවයි.
ප්‍රාදේශීය ප්‍රදේශවල සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු වූ අතර බටහිර වෙරළ තීරය 8% ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් වැනි නාගරික මධ්‍යස්ථානවල පහත වැටීමක් දක්නට ලැබුණද, අනාගත මිල ස්ථායීකරණයක් වියහැකි බවට ඉඟි පළකරමින් පහත වැටීමේ වේගය මන්දගාමී වෙමින් පවතියි.
ක්‍රයිස්ට්චර්ච් කුඩා දේපල සඳහා වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වූ අතර, ඕක්ලන්ඩ් නගරය විශාල නිවාසවල කැපී පෙනෙන වැඩිවීමක් දුටු අතර, ඉහළම මිල ගණන් ඉහළ යන නගරය ලෙස එහි තත්ත්වය තහවුරු කරගන්න ලදී. ගේබ්‍රියෙල් සුළි කුණාටුවෙහි බලපෑම හේතුවෙන් හෝක්ස් බොක්කෙහි Hawkes Bay සැලකිය යුතු ඉල්ලුමක් ඉහළ යාමත් සමඟ පෙබරවාරි මාසයේදී ඒ ප්‍රදේශයේ නිවාස ඉල්ලුම ඉහල යන ලදී. Trade Me හි නිවාස සැපයුම ලැයිස්තුගත කිරීම් සමඟ වැඩි වීමත් සමගම දේපල වෙළඳපල සක්‍රීය බවක් පෙන්වයි.