HomeNewsNew Zealand News

නවසිලන්ත ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ අලුත්ම වෙනස

නවසිලන්ත ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ අලුත්ම වෙනස

නවසිලන්ත ආගනම දෙපාර්තමේන්තුව INZ (Immigration New Zealand) ශිෂ්‍ය වීසා අයදුම්පත් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට වඩාත් ක

ද්විතීයික පාසල් ගුරුවරුන් සඳහා නවසීලන්ත Fast-Track Residency…
නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට උපදෙස්…
වංචා වලින් පරෙස්සම් වන්න: නවසීලන්ත ආගමන විගමන ආයතනයෙන් වීසා අයදුම්කරුවන් සඳහා අනතුරු ඇඟවීමක්

නවසිලන්ත ආගනම දෙපාර්තමේන්තුව INZ (Immigration New Zealand) ශිෂ්‍ය වීසා අයදුම්පත් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට වඩාත් කාර්යක්ෂම තාක්ෂණික ක්‍රම හදුන්වා දී ඇත. මේ හරහා ශිෂ්‍ය වීසා ඉල්ලුම්පත්‍ර ඉක්මනින් ක්‍රියාවට නැංවිමටත්, අයදුම්කරුවන්ට ඔවුන්ගේ අයදුම්පත්‍රයේ ප්‍රතිඵලය ඉක්මනින් දැන ගැනීමටත් හැකිවනු ඇත.

2022/2023 කාලයට සාපේක්ෂව ශිෂ්‍ය වීසා අයදුම්පත් 20% කින් වැඩි වීමක් මේ වනවිට දැකගත හැකි අතර, දැනටමත් නවසීලන්තයේ සිටින සිසුන් දෙවැනි කාර්තුව සඳහා අයදුම් කරන බැවින්, 2024 පෙබරවාරි සිට මාර්තු දක්වා ඉහළ ශිෂ්‍ය වීසා අයදුම්පත් ප්‍රමාණය ඉහල යාහැකි බව අපේක්ෂා කෙරේ.

මෙම ඉල්ලුම සපුරාලීමට, දෙපාර්තෙම්න්තු සේවක සංඛ්‍යාව වැඩි කිරීමටත්, ලැබෙන ඉල්ලුම්පත් ප්‍රමාණය අතුරින් සුදුසුකම් සම්පුර්ණ කල පිරිස් හදුනාගෙන ඔවුන්ට කඩිනම්ව පිලිතුරු සැපයීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් හා බලතල ලබාදීමටත් INZ කටයුතු කරමින් සිටියි.

කෙසේවුවත් INZ වැඩි දුරටත් පවසන්නේ, සමහර අයදුම්පත් සංකීර්ණ බැවින් යම් කාලයක් ගත හැකි බවත්, ඉල්ලුම්පත්‍ර නිසි ආකාරයෙන් සම්පුර්ණ කිරීම හරහා කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වලක්වාගත හැකි බවත්ය. එසේම ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ වීසා අයදුම්පත්‍රය සමඟ සහාය වීම සඳහා ශිෂ්‍ය වීසා තොරතුරු පත්‍රිකා INZ වෙබ් අඩවියේ නිතිපතා යාවත්කාලීන කරන අතර ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

Share this:
error: Content is protected !!
×