HomeLifestyle

Narcissist පුද්ගලයන් නිසා ඔබත් පීඩා විඳිනවාද?

Narcissist පුද්ගලයන් නිසා ඔබත් පීඩා විඳිනවාද?

කවුද මේ Narcissist පුද්ගලයන් කියන්නේ? නැත්නම් Narcissist Behavior එකක් කියන්නේ මොකක්ද?Narcissist කියන්නේ තමන් ගැන වැඩිපුර හිතන, අනෙක් හැමෝටම වඩා

සියදිවි නසා ගැනීම් පිළිබද මිත්‍යා මත හතක්
නව යොවුන් විය භයානක ද?
දෙමාපියභාවය PARENTING ගැන කතා කරමු…

කවුද මේ Narcissist පුද්ගලයන් කියන්නේ? නැත්නම් Narcissist Behavior එකක් කියන්නේ මොකක්ද?

Narcissist කියන්නේ තමන් ගැන වැඩිපුර හිතන, අනෙක් හැමෝටම වඩා තමන් තමයි වැදගත් කියලා හිතන, අනෙක් අය අතර නිතර කැපී පෙනෙන්න උත්සහ කරන පිරිසක්. මේ වගේ අය සමාජයේ ඕන තරම් ඉන්නවා. මේ වගේ පුද්ගලයන් නිසා එයාලගේ අවට ඉන්න අය අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම අඹු සැමියන් මේ නිසා විශාල වශයෙන් පීඩා විඳිනවා. මේ Narcissist පුද්ගලයන් නිතර තමන්ගේ වගකීම් පැහැර හරින්න උත්සහ කරනවා. තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු නොකර අනෙක් අයට වැරදි ඉයන්න පෙළඹෙනවා. ඒ කොහොමද කියලයි අපි අද කතා කරන්න යන්නේ.

අනික් කෙනාට වරද පටවනවා
මේ Narcissist පුද්ගලයන්ගේ ක්‍රියා නිසා බොහෝ වෙලාවට ඔවුන්ට සමීප පුද්ගලයන් දුකට පත් වෙනවා. ඒත් ඒ ගැන මෙයාලගෙන් ඇහුවට කවදාවත් තමන්ගේ වරදක් පිළිගන්න මෙයාලා කැමති නැහැ. ඒ වෙනුවට මෙයාලා කරන්නේ ඒ වරදත් අනෙක් කෙනාට පටවන එක. වරදක් වුනා කියලා ඒ වෙනුවෙන් සමාව ගන්න මෙයාලා පෙළඹෙන්නේ නැහැ. අවසානේ දුකෙන් ඉන්න ඔයාම වැරදිකාරයා කරන්න මේ Narcissist පුද්ගලයන් පෙළඹෙනවා.

ප්‍රතික්ෂේප කීරීම
Narcissist පුද්ගලයන් නිතරම ඉන්නේ ඔවුන් අතින් කිසිම වරදක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ කියන මානසිකත්වයක. ඒ නිසාම එයාලා තමගේ කිසිම වරදක් පිළිගන්නේ නැහැ. තමන් නිසා අනෙක් අය විඳවනවා කියන එක එයාලා පිළිගන්නේ නැහැ. තමන් වැරදි නැහැ කියන දැඩි මතයේ ඉන්න මේ අය ඒකෙන් තමන්ගේ Partner ව අස්ථාවර කරනවා. තමගේ Partner කියන දේවල් පිළිගන්නේ නැහැ. ඔවුන්ට අදහසක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ වගේම Relationship එකේ පාලනය ඔවුන් අතට ගන්න පෙළඹෙනවා..

Gaslighting
මොකක්ද මේ Gaslighting කියලා කියන්නේ? අහලා තියනවද මේ ගැන? Narcissist පුද්ගලයන් විසින් තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට තමන් ගැන ම සැකයක් ඇති වෙන විදියට වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාගේ මතකය ගැන, ඔයාගේ අත්දැකීම් ගැන ඔයාගේ විශ්වාසය නැති කරලා ඔයාව Confuse කරලා ඔයාට ඔයා ගැන තියන විශ්වාසය නැති කරනවා. එතකොට ඔයා තමන්ව අවිශ්වාස කරන ගමන් එයාව වැඩියෙන් විශ්වාස කරන්න පෙළඹෙනවා. මෙන්න මේකට තමයි Gaslighting කියලා කියන්නේ.

Projecting
Projecting කියන්නෙත් Gaslighting වගේම මේ අය පාවිච්චි කරන තවත් ක්‍රමයක්. මේ Narcissist පුද්ගලයගේ අඩුපාඩුවක් නැත්නම් වරදක් කීවොත් එයාලා ඒක පිළිගන්නේ නැහැ කියලා අපි කලිනුත් කතා කළානේ. වරද පිළිගන්නේ නෑ වගේම තමන්ගේ අඩුපාඩු අනෙක් කෙනාගෙන් දකින්න මෙයාලා පෙළඹෙනවා. මෙන්න මේක තමයි Projecting කියලා කියන්නේ. උදාහරණයක් විදියට මේ පුද්ගලයකුට තමන්ගේ Partner ගැන ඊර්ෂ්‍යාවක් (Jealous) ඇති වුණොත් එයා එයා ඒක නොපෙන්වා තමන්ගේ Partner තමන් ගැන ඊර්ෂ්‍යාවයි කියලා චෝදනා කරනවා. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ අඩුපාඩු තමන්ගේ Partner ගෙන් දකිනවා.

ඔවුන් වින්දිතයන් බව දැනවීම
Narcissist පුද්ගලයකු එක්ක සම්බන්ධතාවක් තියෙන කොට බොහෝ විට අනෙක් පුද්ගලයා Victim (වින්දිතයෙක්) කෙනෙක් වෙනවා. මොකද එයාට තමයි ගොඩක් හිත් රිදීම් ඇති වෙන්නේ. ඒත් මේ Narcissist පුද්ගලයන් තමන්ගේ සම්බන්ධතාවයේදී තමන්ව Victim කෙනෙක් විදියට පෙන්වන්න උත්සහ කරනවා. මේකෙන් අනෙක් පුද්ගලයා තවත් පීඩාවට පත් වෙනවා. “තමන් හරිම පව්, තමන්ට අනෙක් අය අනුකම්පා කරන්න ඕන” කියලා මෙයාලා හිතනවා.

Silent Treatment
මේකත් Narcissist පුද්ගලයන් පාවිච්චි කරන හරිම පීඩාකාරී ක්‍රමයක්. දෙන්නෙක් අතර මොකක් හරි ගැටළුවක් නැත්නම් රණ්ඩුවක් ඇති වුණාම ඒක විසඳගන්න හොඳම විදිය තමයි එකිනෙකා එක්ක කතා බහ කරන එක. ඒත් මෙතනදි මෙයාලා කරන්නේ මොකුත්ම කතා නොකර තමන්ගේ Partner ව තනි කරල ඉන්න එක. තමන්ගේ වගකීම් වලින් මිදෙන්නත්, ප්‍රශ්නවලින් පැනලා යන්නත් මේගොල්ලෝ මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේකෙන් අනෙක් කෙනා විශාල පීඩනයකට වගේම සිත්තැවුලකට පත් වෙනවා. ඒ වගේම මේ Silent Treatment එක අනෙක් පුද්ගලයාගේ මානසික මට්ටමටත් දැඩි ලෙස අහිතකර විදියට බලපානවා.

වැරදි සුළුවෙන් තැකීම
අපි කලින් කතා කළා වගේම මේ Narcissist පුද්ගලයන් තමන්ගේ වරද පිළිගන්නේ නැහැ. ඒත් බලෙන් හරි මෙයාල තමන්ගේ වරද පිළිගන්න වුනොත් ඒ වරද බොහොම සුළු දෙයක් විදියට පෙන්නනවා. තමන්ගේ Partner ගේ වරදක් නම් මහ ලොකුවට සලකන්නත් තමන්ගේ වරදක් නම් “ඒක එච්චර දෙයක් නෙවෙයි” කියන මානසිකත්වයෙන් තමයි මෙයාලා ඉන්නේ.

මේ වගේ Narcissist පුද්ගලයකු එක්ක විවාහ ජීවිතයක් ගත කිරීම හෝ ආදර සම්බඳතාවක් පවත්වාගෙන යෑම අනෙක් පුද්ගලයන්ට ඉතාම අසීරු දෙයක්. ඒත් ගොඩක් දෙනා මේ ගැන කතා කරන්න කැමති නැහැ. “ඉවසලා බලනවා, ඉස්සරහට හරියයි” කියන මතයේ තමයි ගොඩක් දෙනා ඉන්නේ. ඒත් ඇත්තටම ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබ ඉවසන්න ඉවසන්න මේ අය තවත් තමන්ගේ අණසකට ඔබ නතු කරගන්න එක තමයි වෙන්නේ. ඒකෙන් ඔබේ මානසික මට්ටමත් පිරිහී යනවා.


ඒ නිසා ඔබත් මේ Narcissist සහකරුවෙකු හෝ සහකාරියක නිසා පීඩා විඳින කෙනෙක් නම් මුලින්ම ඒ බව පිළිගෙන ඒ ගැන කතා කරන්න. අවශ්‍ය උපදේශනයන්ට යොමු වෙන්න. ඔබේ මානසික මට්ටම නැවත ගොඩනගන එකට ටිකක් කල් ගතවෙන්න පුළුවන්. ඒත් ඒක බැරි නැහැ. ඔබට නැවත සතුටින් ඉන්න පුළුවන්. සමහරවිට නිවැරදි උපදේශනයට යොමු වුනොත් ඔබ දෙදෙනාටම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නත් බැරි වෙන්නේ නැහැ.

Author: Samuditha Fernando
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!