අධිෂ්ඨානය එහෙමත් නැත්නම් ධෛර්‍යය කියන්නේ කෙනෙක් තුල තියෙන ස්වයං පාලනය ඒ කියන්නේ self-control, දැවෙන ආශාව එහෙමත් නැත්නම් passion එක, perseverance එහෙම
අධිෂ්ඨානය එහෙමත් නැත්නම් ධෛර්‍යය කියන්නේ කෙනෙක් තුල තියෙන ස්වයං පාලනය ඒ කියන්නේ self-control, දැවෙන ආශාව එහෙමත් නැත්නම් passion එක, perseverance එහෙමත් නැත්නම් නොපසුබට උත්සහය වගේම කෙනෙක් තුල අනිවාර්යෙන්ම තියන්න ඕන චරිත ලක්ෂණ වලින් එකක්. වර්තමානයේ මනෝ විද්‍යාව පිලිබදව පර්යේෂණ පවත්වන මනෝ විද්‍යාඥයන් පවා පෙන්වලා දෙන කාරණයක් තමයි කෙනෙකුට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන නම් බුද්ධිමත් බව, විභාග සමත් වීම වගේ කරුණු වලටත් වඩා අධිෂ්ඨානය ධෛර්‍යය කියන ගතිගුණය තියෙන්න ඕන කියන එක.
1960 දශකයේදී මනෝවිද්‍යාඥයෙක් වුන වෝල්ටර් මිෂෙල් ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වුන පර්යේෂණයක් සිදු කලා. මේ පර්යේෂණය හැදින්වුනේ “Stanford experiment එහෙමත් නැත්නම් marshmallow experiment” කියන නමිනුයි. මේ පරීක්ෂණයට මිෂෙල් සම්බන්ධ කරගත්තේ වයස අවුරුදු 4 ක් වුන දරුවන් පිරිසක්.
මේ දරුවන් පිරිස ඉස්සරහින් රසවත් මාෂ්මෙලෝ එක ගානේ තියපු මිෂෙල් මෙහෙම කොන්දේසියක් දැම්මා. තමන්ගේ ඉස්සරහ තියෙන මාෂ්මෙලෝ එක කවුරුහරි දරුවෙක්ට කන්නේ නැතුව එකම අධිෂ්ඨානයෙන් ඉන්න පුළුවන් නම් එයාට තවත් මාෂ්මෙලෝ එකක් දෙන්න මිෂෙල් පොරොන්දු වුනා. ඊට පස්සෙ එයාලට මිනිත්තු 15 ක් තනියම ඒ කාමරේට වෙලා ඉන්න මිෂෙල් ඉඩ දුන්නා. ඉතින් මේ මිනිත්තු 15 පුරාම ඉවසීමෙන් ඉන්න පුළුවන් උන දරුවන්ට පොරොන්දු උනා වගේම තව මාෂ්මෙලෝ එකක් ලැබුනා. ඉතින් මේ මාශ්මෙලෝ එකටත් වඩා වටින දෙයක් මේ විදියට අධිෂ්ඨානය පුරුදු කරපු දරුවන්ට තවත් අවුරුදු ගණනාවකින් වැඩිහිටියන් බවට පත් වුනාට පස්සෙ හම්බුනා. ඔවුන් සෞඛ්‍ය සම්පන්න, හොද ලකුණු ලබා ගන්න දරුවන් වුනා වගේම වැඩිහිටියන් විදියට බොහොම සාර්ථක අය බවට පත් වුනා.
ජනප්‍රිය වගේම දක්ෂ මනෝවිද්‍යාඥවරියක් වුන ඇන්ජෙලා ඩක්වර්ට් පසුකාලීනව “Grit-Scale” කියන සංකල්පය ලෝකයට හදුන්වලා දුන්නා. ඒක කෙනෙකුගේ සාර්ථකත්වය ගැන ප්‍රශ්ණ කෙරෙන ප්‍රශ්ණාවලියක්. මේ ප්‍රශ්ණාවලියේ එක් ප්‍රශ්ණයක් තමයි,
“මම ආරම්භ කරපු දේ අවසාන කරාද?” කියන ප්‍රශ්ණය. මේ ප්‍රශ්නාවලියත් එක්ක ඇය ලෝකයේ සාර්ථක වුන ව්‍යාපාරික කාන්තාවන්, විද්‍යාඥයන් වගේ සාර්ථක පුද්ගලයන් එක්ක සම්මුඛ සාකච්ජා පැවැත්වූවා. මේ සාකච්ජා වලදී ඇයට තේරුම් ගන්න පුළුවන් වුන කාරණය තමයි self-control, passion, perseverance වගේ ගතිගුණ කෙනෙකුගේ සාර්ථකත්වයට high IQ score, fine gene කියන සාධක දෙකට වඩා වැඩි බලපෑමක් සිදු කරනවා කියන එක.
මේකට හේතුව මොකද්ද? අපි ඒ ගැන අවධානය යොමු කරමු. 📌

අපි හැමෝම දන්න විදියට Passion එක නිසා තමයි අපි ආස කරන දේවල් පස්සේ හඹා යන්න පටන් ගන්නේ. අපි දෙයකට ආස උනාම අපි ගොඩක් මහන්සි වෙනවා ඒ දේ ලබා ගන්න. ඒවගේම තමයි අපි දෙයක් වෙනුවෙන් මහන්සි වෙනකොට, වෙනත් ආකර්ශණීය දෙයක් දැක්කා වුනත් Self-control එක තියෙනවා නම් එකම අරමුණක ඉන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඒ දැකපු ආකර්ශනීය දේ වෙනුවට වෙනත් හොද Better option එකක් අනාගතයේදී අපිට හම්බෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
ඒවගේම තමයි perseverance කියන එකෙන් අපි අදහස් කරන්නේ අපේ ජීවිතවලට මොන විදියේ බාධාවක් ලගා උනත් අපි අපේ අරමුණ වෙනුවෙන් සටන් කරනවා කියන එකයි. ඒවගේම තමයි තමන්ගේ අරමුණු වෙත ගමන් කරන්න self-confidence කියන කාරණය අත්‍යාවශ්‍ය දෙයක්.
ගොඩක් වෙලාවට විශාල හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක් දෙයක් ආරම්භ කරන්නේ නැත්තේ එයාලට ඒ වෙනුවෙන් passion එකක් වත් inspiration එකක් වත් නැති වීම නිසායි.
කෙනෙකුට තමනගේ ආත්ම ශක්තිය වර්ධනය කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තමන්ගේ දුර්වලතා නිරන්තර පුහුණුවක් මගින් මගහැර ගන්න පුළුවන් කියන එක තේරුම් ගැනීම. අපිට ජීවිතයේ පුහුණුව තුලින් වඩාත් හොද දේවල් ඉගෙන ගන්න පුළුවන්.ඒ වගේම අපිට ඒ දේවල් වල progress එකක් දකින්නත් ඒ තරම් කාලයක් ගත වෙන්නේ නැහැ.
ඒවගේම තමයි අපි කැමති අපි ආස කරන role models ලාව අධ්‍යනය කරන්නත් අපිට පුළුවන්. එතකොට කෙනෙකුට තේරුම් යනවා ෆුට්බෝල් ක්‍රිඩාවේ නිරත වෙලා ඉන්න සුපිරි තරු හැමදාම වගේ තමන්ගේ පුහුණුවීම් වල නිරත වෙනවා කියන කාරණය. ඒ විතරක් නෙමෙයි එයාලා තමන්ගේ skills වර්ධනය කරගන්න අවශ්‍ය උපදෙස් professional coaches ලගෙන් ලබා ගන්නවා. අපිට ක්‍රමයෙන් තේරුම් යනකොට අපේ දක්ෂතා වර්ධනය කරගන්න පුළුවන් දෙයක් කියල ඒත් එක්කම අපිට පැහැදිලි වෙන තවත් දෙයක් තමයි willpower කියන දේ අපිට පුහුණු කරන්න පුළුවන් දෙයක් කියන එක.
උදාහරණයක් විදියට ඔයා vegetarian කෙනෙක් වෙන්න යනවා කියල හිතන්න. ඒක අමාරුයි තමයි. හැබැයි ඔයා හැම ඉරිදම ඔයාගේ කෑම පිගානෙන් beef අයින් කරනවා. එතකොට ඔයාට සතියෙ දවස්වල chicken කන එකත් ඉබේම නවත්වන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම progress එකක් ඇතිවෙනකොට ඔයා තේරුම් ගන්නවා ඔයාගේ ඇගේ මාංශ පේශී වර්ධනය වෙනවා වගේම will-power කියන එකත් වර්ධනය වෙනවා කියන එක. හැමදාම මස් කාපු කෙනෙක්ට vegetarian කෙනෙක් වෙන්න පුලුවන් කියන්නේ ඒකේ සරල තේරුම තමයි අපේ මොළයත් අපේ ඇගේ තියෙන මාංශ පේශී වගේම නිරන්තර training එකකින් වර්ධනය වෙන අවයවයක් කියන එක.
දැන් ඔයාට තේරුම් යනවා ඇති willpower එක වගේම self-control එක කියන්නේ අපිට පුහුණු කරන්න පුලුවන් කාරණා දෙකක් කියන එක. අපි අපේ පුහුණුව නිරන්තරයෙන් කරගෙන ගියොත් ඒක අපේ habit එකක් වගේම passion එකක් බවටත් පත් වෙනවා.
මීට අවුරුදු 2000 කට කලින් ජීවත් වුන ජෝතිශ්‍යවේදීන් කියපු දෙයකින් අද ලිපිය අපි අවසන් කරනවා.
“කෙනෙක් නිර්මාණය වෙන්නේ එම පුද්ගලයා නිරන්තරයෙන් කරන දේ මතයි. එනම් සාර්ථකත්වය යනු ක්‍රියාවක් නොව පුරුද්දකි.”
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon