HomeLifestyle

බුද්ධිමතුන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් වෙන ලක්ෂණ 5 ක්.

බුද්ධිමතුන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් වෙන ලක්ෂණ 5 ක්.

බුද්ධිමතුන් එහෙමත් නැතිනම් Geniuses කියන්නේ එයාලගේ අසමසම සිතීමේ හැකියාව භාවිතා කරලා ලෝකය දිහා අපි බලන විදිය වෙනස් කරපු අපූරු මිනිස්සුන්ට කියල අපි දන්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ නවක වදය තහනම් කිරීමට රජය සූදානම්
කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය නිපදවීමට නව උපකරණයක්
මානසික ආතතිය ගැන ඉගෙන ගමු.

බුද්ධිමතුන් එහෙමත් නැතිනම් Geniuses කියන්නේ එයාලගේ අසමසම සිතීමේ හැකියාව භාවිතා කරලා ලෝකය දිහා අපි බලන විදිය වෙනස් කරපු අපූරු මිනිස්සුන්ට කියල අපි දන්නවා. ඒ නිසාම මේ පුද්ගලයන් ලෝකයේ ඉන්න අනිත් අය අතරින් කැපිලා පෙනෙන එක අපිට වලක්වන්න බැරි දෙයක්. ඉතින් අද ලිපියෙන් අපි අරගෙන එන්නේ මෙන්න මේ වගේ බුද්ධිමතුන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කරලා හදුනාගන්න පුළුවන් ලක්ෂණ පහක් ගැනයි.

  1. අසමසම නිර්මාණශීලී හැකියාව.

අපි හැමෝම දන්න විදියට බුද්ධිමතුන් හැමෝම වගේ හිතාගන්න බැරි තරම් නිර්මාණශීලී හැකියාවෙන් යුක්ත වෙනවා. ඒ වගේම එයාලා නිතරම රාමුවෙන් පිට හිතන්න වගේම සාම්ප්‍රදායික සිතීමේ රටාවෙන් බැහැර වෙලා තමයි කටයුතු කරන්නේ. මේ නිර්මාණශීලී බව ඔවුන් ඕනම ක්ශේශ්‍රයකදී භාවිතා කරනවා. කළාව, ගණිතය, විද්‍යාව වගේම ප්‍රශ්ණයක් ගැටළුවක් විසදගන්න අවශ්‍ය අවස්ථාවකදීත් ඔවුන් මේ හැකියාව භාවිතා කරනවා. මේ හැකියාවෙන් අභියෝගකාරී අවස්ථාවලදී සාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා.මේ නිසාම තමයි ඔවුන් මුළු ලෝකයක් පුදුම කරවන සොයා ගැනීම් සහ නිපදවීම් පවා සිදු කරන්නේ.

  1. නොසන්සිදෙන කුතුහලය.

ජීනියස්වරුන් සතුව නොසන්සිදෙන, කිසිදා තෘප්තියකට පත් නොවෙන කුතුහලයක් තිබෙනවා. මේ නිසාම ඔවුන් නිරන්තරයෙන් යම් යම් දේවල් පිලිබදව ගවේෂනය කරන්නත් ප්‍රශ්ණ අසමින් ඉගෙන ගන්නත් පෙළඹෙනවා. ඔවුන්ගේ මේ කුතුහලය නිසාම ඔවුන් විවිධාකාර ක්ශේත්‍ර වල පතුලටම යමින් ඒවා ඉගෙන ගනිමින්, නව සොයා ගැනීම් සිදු කරන්නට කටයුතු කරනවා.

  1. මානසික ඒකාග්‍රතාවය සහ අවධානය.

බුද්ධිමතුන් බොහෝ දෙනෙකුට ඉතා තදින් තමන් සිදු කරන කාර්යයක් වෙත දීර්ඝ වේලාවක් පුරා අවධානය ලබා දෙන්නට පුළුවන්. පර්යේෂකයින් බොහෝ දෙනෙක් මෙම තත්වය හදුන්වන්නේ exceptional concentration යනුවෙනුයි. මේ තත්වය නිසා ඔවුන්ට ඉතා සංකීර්ණ ප්‍රශ්ණ පහසුවෙන් විසදීමට හැකියාවක් ලැබෙනවා මෙන්ම අනිත් අයට මග හැරෙන සුළු දත්ත සහ තොරතුරු ගවේෂණය කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වෙනවා. ඔවුන් ලගා කරගන්නා high-level achievements වල රහස වන්නේත් එයයි.

  1. අනුවර්තනය සහ ඕනෑම දෙයක් පහසුවෙන් ඉගෙන ගැනීම.

ජීනියස්වරු සතු තවත් එක් ප්‍රබල ලක්ෂණයක් වන්නේ ඔනෑම දෙයක් ඉක්මනින් ඉගෙන ගැනීමට සහ නව තොරතුරු වලට අනුව හැඩ ගැසීමට ඇති විශේෂ හැකියාවයි. ඔවුන්ට ඉතා ඉක්මනින් ඔනෑම දෙයක් ඉගෙන ගැනීමට හැකියාව පවතිනවා. ඒවගේම ඔවුන් සතුව නම්‍යශීලි සිතුවිලි රටාවක්ද තිබෙනවා. මේ නිසා අලුත් තත්වයකදී හැඩ ගැසීමටත් අලුත් perspective එකකින් ලෝකය දෙස බැලීමටත් හැකියාවක් ඔවුන් සතුව පවතිනවා.

  1. පරාජයකදී පවා අප්‍රතිහත දෛර්‍යයකින් කටයුතු කිරීම.

පර්යේෂකයින් සදහන් කරන ආකාරයට ජීනියස්වරුන් සතුව තිබෙන සුවිශේෂී සහ ප්‍රබලම ලක්ෂණය ලෙස resilience එහෙමත් නැතිනම් ප්‍රත්‍යස්ථභාවය හදුන්වනවා. ඔවුන් තමන්ගේ පරාජයන් දකින්නේ අසමත්වීම් ලෙස නොවෙයි. ඔවුන් ඒවා දකින්නේ ජයග්‍රහණය වෙත යන මාවතේ එක් පියවරක් ලෙස පමණයි. මේ ගති ලක්ෂණය නිසා ඔවුන් තෝරාගත් ක්ශේත්‍රයේ ඔවුන් අසමත් වූවත් දීර්ඝ කාලීනව ඔවුන් සුවිශාල ජයග්‍රහණ ලබා ගැනීමට ස්මත් වෙනවා.

බුද්ධිමත්බව එහෙමත් නැත්නම් ජීනියස් යන්නෙන් අපි අදහස් කරන්නේ අසමසම බුද්ධිය වූවත් එය හා බැදුණු ගති ලක්ෂණ කිහිප්‍යක්ම තිබෙනවා. නිර්මාණශීලී බව, මානසික ඒකාග්‍රතාවය, අනුවර්තන හැකියාව, අප්‍රතිහත දෛර්‍යය යනුවෙන් හැදින්වෙන්නේ එම ලක්ෂණ පහයි. මේ ලක්ෂණ පහ තිබෙන පුද්ගලයෙක් අනෙත් අයගෙන් කැපී පෙනෙන බුද්ධිමතෙක් බව අපිට පහසුවෙන් හදුනා ගන්නට පුළුවන්.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!