Citrus Leisure Plc පවසා ඇත්තේ තම කැරකෙන ආපන ශාලාව නෙළුම් කුළුණේ විවෘත කරන බවයි.
කොළඹ නෙළුම් කුළුණේ 26 වන මහලේ උත්සව ශාලාව සහ 27 වන මහලේ කැරකෙන ආපන ශාලාව දෙසැම්බර් 9 වනදා රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කළේ. එමෙන්ම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පුද්ගලික) ලිමිටඩ් සමඟ කළමනාකරණ ගිවිසුමක් අත්සන් කළ බව සමාගම මේ වසරේ මැයි 31 වැනිදා නිවේදනය කළේය.