HomeNewsSri Lankan News

ජනාධිපති සිනමා සම්මාන උළෙල අවුරුදු 3කට පසු උත්කර්ශවත් අන්දමින් පවත්වයි

ජනාධිපති සිනමා සම්මාන උළෙල අවුරුදු 3කට පසු උත්කර්ශවත් අන්දමින් පවත්වයි

2023 ජනාධිපති සිනමා සම්මාන උළෙල අඟහරුවාදා (14) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත

මහාචාර්ය ඩම්බල්ඩෝ ජීවන ගමනට සමුදෙයි.
ප්‍රවීණ Hollywood නිළි Barbra Streisand, SAG Life Achievement Award සම්මානයට පත්‍ර වෙයි
“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.

2023 ජනාධිපති සිනමා සම්මාන උළෙල අඟහරුවාදා (14) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.  2019 සහ 2020 වසරවල තිරගත වූ චිත්‍රපට 42 කින් නළු නිළියන්ට සහ කාර්මික ශිල්පීන්ට සම්මාන 44 ක් පිරිනමන ලදී. මෙම සම්මාන සම්ප්‍රදායිකව ප්‍රවීණ චිත්‍රපට විචාරකයින් සහ ගෞරවනීය ආචාර්ය්වරුන් සහ මහාචාර්යවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් ඉතා සූක්ෂම ලෙස තෝරාගත් පුද්ගලයින්ට ප්‍රදානය කරන ලදී.

තවද, උත්සවයේදී අතිරේක සම්මාන නවයක් ප්‍රදානය කරන ලදී. ආචාර්ය නන්දා මාලනී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට සම්මානය පිරිනැමීමට ආචාර්ය නන්දා මාලනී අසුන්ගෙන සිටි ප්‍රේක්ෂකාගාරය වෙත ගියේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමිනි.සිනමාවට කළ සුවිශේෂී දායකත්වය අගයමින් “යුග අභිමානී” විශේෂ සම්මානයක් කේ.ගුණරත්නම් මහතා වෙත පිරිනමන ලදී.

ඊට අමතරව චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන්ට “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. 2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරආරච්චි මහතා සම්මානයට පාත්‍ර වූ අතර, 2020 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය කුමාර තිරිමාදුර මහතාට හිමි විය. එසේම 2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි මෙනවිය ද, හොඳම නිළිය ලෙස නීතා ප්‍රනාන්දු මෙනවිය ද සම්මානයට පාත්‍ර විය.  

2019 වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය අනුරුද්ධ ජයසිංහ මහතාට හිමි වූ අතර 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය විශාකේස චන්ද්‍රසේකරම් මහතාට හිමි විය. 2019 වසරේ හොඳම චිත්‍රපටය “ගින්නෙන් උපන් සීතල” සහ 2020 වසරේ හොඳම චිත්‍රපටය “The Newspaper” ලෙසින් ජනාධිපතිතුමා අතින් සම්මානයට පාත්‍ර වීමත් සමඟ සිනමා කර්මාන්තය ද විශිෂ්ට සිනමා නිර්මාණ සැමරූහ.

Share this:
error: Content is protected !!