HomeGeneral

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහලයාමක්

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහලයාමක්

2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

බොඳවී යන ශ්‍රී ලංකා ICC ලෝක ශූරතාවය ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු වූ විෂමාචාර, දූෂණ සෙවීමට අතුරු කමිටුවක්
නැමීබියාව අන්ත පරාජයකට පත්කරමින් නවසීලන්ත ඕල් බ්ලැක් පිලට විශිෂ්ට ජයක්

2023 ඔක්තෝබර් 30 වන විට රෝගීන් 68,114 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 14,401 කි. බස්නාහිර පළාතෙන් රෝගීන් 32,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පළාත් අනුව ඉහළම අගයයි. ඔක්තෝම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 3,631ක් වාර්තා වී තිබේ. මේ අතර 2023 ජනවාරි සිට මේ දක්වා මරණ 39 ක් වාර්තා වී ඇත. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම සන්දර්භය තුළ ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share this:
error: Content is protected !!
×