HomeGeneral

බොඳවී යන ශ්‍රී ලංකා ICC ලෝක ශූරතාවය ?

බොඳවී යන ශ්‍රී ලංකා ICC ලෝක ශූරතාවය ?

නවසීලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැති තෙවන හා අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සනත් ජයසූරිය මහතාට නව තනතුරක් සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ
SATA 2023 සම්මාන උළෙලේදී විශාල ජයග්‍රහණයක් Sri Lankan Airlines ලබාගනී
ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද දැක්වූයේ දුර්වල පිති හරඹයකි. එ බැවින් පන්දුවාර 41ක් අවසානයේ සියලුදෙනාම දැවී ලකුණු 157ක් ලබාගත්තා. පැතුම් නිස්සංක 57ක්ද, නායක දසුන් ශානක ලකුණු 31ක් සහ චාමික කරුණාරත්න ලකුණු 24 ලබාගත්තා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ඉලක්කය හඹායාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ විල් යං නොදැවී ලකුණු 86 ද, හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 44ද සමඟ පන්දුවාර 32.5 අවසානයේදි කඩුලු 6ක ජයග්‍රහනයක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව නවසීලන්තයේදී අද තවත් පරාජයක් ලැබීමත් සමඟ ICC එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×