HomeNewsNew Zealand News

2023 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

2023 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. එම තරගය 29 සෙනසුරාදා ප්‍රංශයේ සෙන්ට් ඩෙනිස් හී ස්ටේට් ඩි ෆ්‍රාන්ස් ක්‍

2023 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය: නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව
කොවිඩ්-19 බලපෑම නිසා නවසීලන්තයේ දරුවන්ගේ භාෂා කුසලතා පිරිහීම පිළිබඳ කනස්සල්ලක්
නවසීලන්තයේ වැඩිහිටි දික්කසාද ඉහළ යයි

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. එම තරගය 29 සෙනසුරාදා ප්‍රංශයේ සෙන්ට් ඩෙනිස් හී ස්ටේට් ඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එහිදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ලබාගැනීමට සමත් විය.

මෙම තරඟයේ දී නවසීලන්ත නායක සෑම් කේන් අවධානම් සහගත ටැකල් කිරීමක් නිසා රෙඩ් කාඩ් පතක් ලබා තරඟයෙන් ඉවත් කිරීමට විනිසුරු තීරනය කරන ලදි. එමෙන්ම දකුණු අප්‍රිකානු නායක සියා කොලිසිටද කහ කාඩ් පතක් ලැබී විනාඩි කිහිපයකට තරඟය මග හරුනි. කෙසේ නමුත් අවසාන මිනිත්තු කිහිපය තෙක් තරඟය උණුසුම් මුහුණුවර්ක් ගත් අතර ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

මෙය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් සිව් වන වතාව ලෙසත් අකණ්ඩව කුසලානය දිනාගත් දෙවන අවස්ථාව ලෙස ඉතිහාසගත විය.

Share this:
error: Content is protected !!
×