HomeGeneral

ශ්‍රී ලංකාවේ ප්‍රථම French Fries සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම French Fries සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතයි

බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ පළමු අර්තාපල් තීරු (French Fries) සැකසුම් කර්මාන්ත ශාලාව සිකුරාදා (11) විවෘත කිරීමට නියමිතව ඇත.

“මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යෑමට පියවර” – ශ්‍රී ලංකා මහ බැංකුව
Digital Payments ප්‍රවර්ධනයට Digital Economy අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්
වසර 105කට පසු සුමංගල හිමිගේ අඩිපාරේ Oxford යන සමිතරතන හිමි

කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකත්ව වැඩසටහනේ (Small Scale Agricultural Entrepreneurship Programme – SAPP) මූල්‍ය ආධාර යටතේ ඉදිකළ කර්මාන්ත ශාලාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතය. මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවට අර්තාපල් තීරු ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3,500 ක් පමණ වැයවේ.

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සඳහා මෙරට ඉහළ ඉල්ලුමක් පවතින බැවින් දේශීයව වගා කරන අර්තාපල් යොදා ගනිමින් අල තීරු සකස් කෙරේ. කර්මාන්තශාලාව ගොවීන් 250 දෙනෙකුගෙන් අර්තාපල් මිලදී ගන්නා අතර අර්තාපල් තීරු දෛනික නිෂ්පාදනය දළ වශයෙන් කිලෝග්‍රෑම් 1,000 පමණ අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ගම්මානය 2018 වසරේ ආරම්භ කරන ලදී.

Share this:
error: Content is protected !!
×