HomeNewsSri Lankan News

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්

කිවි බිමේ ශ්‍රී ලංකා ක්‍රිකට් දායාදය | මලින්දගේ නව ගමන 🇳🇿 මලින්ද වර්ණපුර සමඟ විශේෂ සාකච්ඡාවක්
“ලෝක සාමය සඳහා බලපෑම් කළ හැකි බවට බලාපොරොත්තු ඇතිකර හැකි වසරක් ඉදිරියේදී එලැඹෙ” – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
Euro Formula ලොවේ ලාංකීය නම රැන්දූ යෙවාන්

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය.

ලාල් මහතා මුලින්ම සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටය. ඒ ඔහු මුලින්ම සම්බන්ධ වන්නේ සහන තාක්ෂණ පරිපාලන ශිල්පියෙකු ලෙසිනි.

බාල මහලු කා අතරත් ජනප්‍රිය සිරස TV නාලිකාවේ විකාශය වූ සූර පප්පා කාටුන් චිත්‍රපට මාලාවේ සීසර්ගේ චරිතයට හඬ කැවීමෙන් එතුමා වඩාත් ජනාධරයට පත් විය.

පසුව FM දෙරණ ඇතුළු ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා රැසක නිෂ්පාදකයෙකු,

නාට්‍ය නිෂ්පාදකයෙකු, නිවේදකයෙකු, චරිතාංග නළුවකු, බාහිර විස්තර විචාරකයෙකු ආදී ලෙස විවිධ තනතුරු හොබවා ඇත.

ඔහු මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.

සිරස FM ගුවන් විදුලි නාලිකාව ආරම්භයේදීම ඔහු ඊට සම්බන්ධවූ අතර එහි වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා හඬකැවීම් ශිල්පියෙකු ලෙස මහත් කාර්යභාරයක් ඉටු කළේය.

ලාල් සරත් කුමාර මහතා යන විට 69 වියෙහි  පසුවිය.

Share this:
error: Content is protected !!
×