HomeNews

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවට ආචාරධර්ම කඩ කිරීම හේතුවෙන් තරඟ තහනමක්

ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaurට මීළඟ ජාත්‍යන්තර තරඟ දෙක සඳහා අත්හිටුවා තිබේ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවට ආචාරධර්ම කඩ කිරීම හේතුවෙන් තරඟ තහනමක්

ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaurට මීළඟ ජාත්‍යන්තර තරඟ දෙක සඳහා අත්හිටුවා තිබේ.ICC කා

ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී
ඕස්ට්‍රේලියානු නාවිකයා සහ ඔහුගේ සුනඛයා මුහුදේ මාස දෙකක් දිවි ගලවා ගනී.
ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.

ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaurට මීළඟ ජාත්‍යන්තර තරඟ දෙක සඳහා අත්හිටුවා තිබේ.

ICC කාන්තා ශූරතා තරඟාවලියේ බංගලාදේශයට එරෙහිව පසුගිය සෙනසුරාදා Dhaka හි පැවති තුන්වන තරඟය අතරතුර මෙම සිදුවීම් සිදු විය.

පළමු සිදුවීම විශේෂයෙන්ම සිදුවූයේ ඉන්දීය ඉනිමේ 34 වැනි ඕවරයේදී දඟපන්දු යවන ක්‍රීඩිකාවක් වන,

Nahida Akter පන්දුවකට ‘ස්ලිප්’ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යාමෙන් පසු,

Kaur තම පිත්තෙන් කඩුල්ලට පහර දෙමින් කලකිරීමට පත් වූ අවස්ථාවේදීය.

Kaur 2 මට්ටමේ වරද සඳහා ඇයගේ තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩයකට යටත් වූ අතර ඇයගේ විනය වාර්තාවට demerit points 3ක් ලබා ගත්තාය.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය වරදකාරිය වූ අතර,

“විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම” සම්බන්ධයෙනි.

ත්‍යාග ප්‍රදාන උත්සවයේදී Kaur තරඟයේ විනිසුරුව විවෘතව විවේචනය කළ විට,

“ජාත්‍යන්තර තරඟයක සිදුවීමක් සම්බන්ධයෙන් මහජන විවේචන” සම්බන්ධ 1 මට්ටමේ වරදක් සඳහා Kaur ට ඇයගේ තරඟ ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් ද නියම විය.

ඉන්දීය නයිකාව එම වැරදි පිළිගත් අතර Emirates ICC ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ Akhtar Ahmed විසින් යෝජනා කළ සම්බාධකවලට එකඟ විය. එහි ප්‍රතිඵලයක් ලෙස විධිමත් නඩු විභාගයක් අවශ්‍ය නොවූ අතර දඬුවම් කඩිනමින් ක්‍රියාත්මක විය.

Share this:
error: Content is protected !!