HomeNews

ඕස්ට්‍රේලියානු නාවිකයා සහ ඔහුගේ සුනඛයා මුහුදේ මාස දෙකක් දිවි ගලවා ගනී.

ඕස්ට්‍රේලියානු නාවිකයා සහ ඔහුගේ සුනඛයා මුහුදේ මාස දෙකක් දිවි ගලවා ගනී.

ඕස්ට්‍රේලියානු නාවිකයා සහ ඔහුගේ සුනඛයා මුහුදේ මාස දෙකක් දිවි ගලවා ගනී.

පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කිරීමෙන් සහ වැසි ජලය පානය කිරීමෙන් දිවි ගලවා ගත් ඕස්ට්‍රේලියානු නාවිකයෙකු "ඉතා හොඳින්" සිටින බව වෛද්‍ය

MCC ක්‍රිකට් සභාපතිධූරය කුමාර් සංගක්කාරට
ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.
ණය සහ උකස් සඳහා AI භාවිතා කිරීම විශාල අවදානමක්, යුරෝපා සංගම් ප්‍රධානියා අනතුරු අඟවයි.

පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කිරීමෙන් සහ වැසි ජලය පානය කිරීමෙන් දිවි ගලවා ගත් ඕස්ට්‍රේලියානු නාවිකයෙකු “ඉතා හොඳින්” සිටින බව වෛද්‍යවරයෙක් පවසයි.

Sydney හි පදිංචි 51 හැවිරිදි Tim Shaddock සහ ඔහුගේ සුනඛයා වන Bella අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවෙන් ප්‍රංශ පොලිනීසියාව බලා පිටත්ව ගිය නමුත් ඔවුන්ගේ බෝට්ටුව සති කිහිපයකට පසු කුණාටුවකින් හානි විය.

හෙලිකොප්ටරයකින් ඔවුන් දැකීමෙන් පසු මේ සතියේ ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ඔවුන් බේරා ගන්නා ලදී.

ටූනා යාත්‍රාවේ සිටි වෛද්‍යවරයා ඕස්ට්‍රේලියනු පුවත් සේවයට පවසා ඇත්තේ මිනිසාට “සාමාන්‍ය රෝග ලක්ෂණ” ඇති බවයි.

Shaddock මෙක්සිකෝවේ  La Paz නගරයේ සිට කිලෝමීටර් 6,000කට වඩා (සැතපුම් 3,728) ඔහුගේ මුහුදු ගමන ආරම්භ කළේය. නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් ඔහුගේ යාත්‍රාවේ ඉලෙක්ට්‍රොනික උපකරණ අඩපණවීමෙන් පසු අතරමං විය.

ඒ අනුව ඔහු සහ ඔහුගේ සුනඛයා විශාල හා උතුරු පැසිෆික් සාගරයේ ගසාගෙන ගියේය.

අවසානයේ ඔවුන් මාස දෙකකට පසු මෙක්සිකෝවේ වෙරළට ඔබ්බෙන් සොයා ගන්නා ලදි.

ෂැඩොක් මහතා පැවසුවේ ධීවර ආම්පන්න ඔහුට දිවි ගලවා ගැනීමට උපකාරී වූ බවයි.

ඔහු තම බෝට්ටුවේ වියන යට නවාතැන් ගැනීමෙන් හිරු රශ්මියෙන් වැළකී සිටීමට ද සමත් විය.

ඔහු බේරාගත් විගසම ඔහු සිනහවකින් සහ ඔහුගේ අතේ රුධිර පීඩන මොනිටරයක් ​​පැළඳ සිටිනු දක්නට ලැබුණි.

ටූනා යාත්‍රාව දැන් මෙක්සිකෝව වෙත ආපසු යමින් සිටී.

එහිදී ෂැඩොක් මහතා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වන අතර අවශ්‍ය නම් තවත් ප්‍රතිකාර ලබා ගනු ඇත.

Share this:
error: Content is protected !!
×