ජාතික උරුමයක් ලෙස නම් කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසියෙන් ලියා අන්තර්ජාලයේ පළ කර මුද්‍රණය කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අතිපූජ්‍ය මහා සංඝරත්නය කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ත්‍රිපිටකය හැදෑරීමට උනන්දු වන ගිහි පැවිදි සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මෙම කාර්යය සාර්ථකව සිදු කිරීම සඳහා මහනායක හිමිවරුන්ගේ අනුශාසනා හා අනුදැනුම යටතේ උත්තරීතර අධීක්ෂණ මණ්ඩලයක් සහ විධායක මණ්ඩලයක් ලෙස මණ්ඩල පත් කළ යුතු අතර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලබා ගත යුතු බව අමාත්‍ය වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.