HomeSports

MCC ක්‍රිකට් සභාපතිධූරය කුමාර් සංගක්කාරට

MCC ක්‍රිකට් සභාපතිධූරය කුමාර් සංගක්කාරට

Marylebone Cricket Club (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර තිබේ. ඒ වන විටත් ක

අනාගත කාන්තා ක්‍රිකට් තරුව චමෝදි
අයිරාංගනී මැතිණියට කොළඹ සරසවියෙන් උපහාර
ලංකාවේ පියුමි අඟහරු යන්න ලෑස්තී

Marylebone Cricket Club (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර තිබේ. ඒ වන විටත් කමිටුවේ සාමාජිකයෙකුව සිටි සංගක්කාර හිටපු එංගලන්ත නායක මයික් ගැටිං මහතාගෙන් කමිටුවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගනී. 

එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමිස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් ඇතුළත් වේ. මෙම කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට සහය දෙනු ලබන ආයතනයක් ලෙස ක්‍රියා කරන අතර ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ. 

සංගක්කාර 2019 දී MCC හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති බවට පත් වූ අතර, එම භූමිකාව දැන් ආසන්නතම හිටපු සභාපති ස්ටීවන් ෆ්‍රයි වෙත පැවරීමට පෙර වසර දෙකක කාලයක් එම තනතුර දැරීය. 

Share this:
error: Content is protected !!
×