HomeNewsSri Lankan News

ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි ස්ථානයට පත්වෙයි.

ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි ස්ථානයට පත්වෙයි.

ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි ස්ථානයට පත්වෙයි.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ අද (16) රන් පදක්කම් 2ක්, රිදී 1ක් සහ ලෝකඩ 1ක් දිනා ගැනීමට ශ

මහා බ්‍රිතාන්‍යයේ රජ දැක්මට අවසරයි.
G7 නායකයාගේ ශ්‍රී ලංකා ණය සම්බන්ධ ප්‍රකාශය
නවසීලන්ත පොලිසිය අන්තර්ජාල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා Netsafety සතිය ප්‍රවර්ධනය කරයි…

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ අද (16) රන් පදක්කම් 2ක්, රිදී 1ක් සහ ලෝකඩ 1ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

දිනයේ පළමු රන් පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට හැකි වූ අතර ඒ 800m කාන්තා ඉසව්ව නියෝජනය කළ ඇය එම තරගය අවසන් කිරීමට මිනිත්තු 2:00.66ක කාලයක් ගත කළා.

එමෙන්ම මෙම තරගාවලියේ ඇය දිනා ගත් දෙවැනි පදක්කම මෙය වන අතර මීට පෙර මීටර් 4×400 මිශ්‍ර කණ්ඩායම නියෝජනය කරමින් ඇය රිදී පදක්කමක් දිනා ගත්තා.

මෙම තරගයේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලියේ දෙවැනි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත් වූ අතර ඇය එම ඉසව්ව නිමා කිරීමට ගත් කාලය මිනිත්තු 2:03.25ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ දෙවැනි රන් පදක්කම දිනා ගනිමින් නව තරගාවලි වාර්තාවක් සහ ජාතික වාර්තාවක් පිහිටුවීමට පිරිමි මීටර් 4 x400 සහය දිවීමේ කණ්ඩායමට හැකි වුනා.

ඔවුන් එම තරගය ඉතා තියුණු සටනකින් පසු මිනිත්තු 3:01.56ක කාලයක් ගත කළ අතර ඒ දස්කම සමඟ ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු සටහනේ 12වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඔවුන්ට හැකි වූ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගෙනයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ තරග වැදුණා.

තරුෂි කරුණාරත්නගේ සුපිරි අවසන් කිරීම නිසාවෙන් කාන්තා මීටර් 4 x400 සහය දිවීමේ තරගය මිනිත්තු 3:33.27ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

එම කාලය ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළීමට ද ඔවුන්ට හැකි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කළේ නදීෂා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස් සහ නිශ්‍රේන්ද්‍රා ප්‍රනාන්දුයි.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟ සමස්ත පදක්කම් අටක් දිනා ගැනීමට සමත් වූ අතර එය තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනූ වැඩිම පදක්කම් ගණන වීම ද විශේෂත්වයක්.

සමස්ත පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව සිව්වැන්නා ලෙස තරගාවලිය අවසන් කළ අතර එය ද ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලි ඉතිහාසයේ ලබා ගත් ඉහළම ස්ථානය වෙනවා.

Share this:
error: Content is protected !!