HomeGeneral

ශ්‍රී ලංකාවේ මාසයක් ඇතුළත අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර අයදුම්කිරීමේ විශාල වර්ධනයක්

ශ්‍රී ලංකාවේ මාසයක් ඇතුළත අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර අයදුම්කිරීමේ විශාල වර්ධනයක්

පසුගිය මාසයේ දී දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කදී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා පුද්ගලයින් 29,578 දෙනෙකු අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Passport පෝළිමට මොකද වුණේ?
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර හෙළි කරයි
නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍ර මිල වැඩි කිරීමට නියමිතයි

ඒ අතරින් එක්දින සේවය සඳහා 5,294 දෙනෙකු සහ සාමාන්‍ය සේවය සඳහා 24,285 දෙනෙකු අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය. අයදුම්කරුවන්ට කොළඹට නොපැමිණ තම ගම්බිම්වලින් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකිවන පරිදි මේ වසරේ ජුනි 15 වැනිදා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් සමඟින් ගමන් බලපත්‍ර සඳහා මාර්ගගත (online) අයදුම්පත් භාරගැනීම ආරම්භ විය.

මෙම සේවාව ආරම්භ කර දින 30ක් ඇතුළත ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයදුම්පත් 29,579ක් ලැබී ඇතැයි අමාත්‍යවරයා පැවසීය. ලියාපදිංචිය සඳහා නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බවත් අදාළ ගෙවීම් අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකු ශාඛාවකට පැමිණීමෙන් සිදු කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දිගු පෝලිම් ද අවසන් වී ඇති බව ඔහු පැවසීය.

Share this:
error: Content is protected !!
×