HomeWorld News

මහා බ්‍රිතාන්‍යයේ රජ දැක්මට අවසරයි.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිශේකයට සියල්ල සුදානම්.

මහා බ්‍රිතාන්‍යයේ රජ දැක්මට අවසරයි.

බ්‍රිතාන්‍ය  රාජ්‍ය ධූරාවලියෙහි 40වන රජු ලෙස රාජාභිෂේක ලැබීම සඳහා තුන්වන චාල්ස් රජු සූදානම් බවට ලෝකප්‍රකට මාධ්‍ය පවසයි. මැයි 6 වෙනදා Westminster

නවසීලන්ත අගමැති බකිංහැම් මාලිගයේදී චාල්ස් රජු හමුවෙයි
චාල්ස් රජුගේ රාජාභිෂේකය: අගමැති ක්‍රිස් හිප්කින්ස් විලියම් කුමරු හමුවෙයි
3 වන චාල්ස් රජුට රටවැසියන් පිරිසකගේ විරෝධය.

බ්‍රිතාන්‍ය  රාජ්‍ය ධූරාවලියෙහි 40වන රජු ලෙස රාජාභිෂේක ලැබීම සඳහා තුන්වන චාල්ස් රජු සූදානම් බවට ලෝකප්‍රකට මාධ්‍ය පවසයි. මැයි 6 වෙනදා Westminster Abbey හී චිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස එය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සඳහන්. 

මේ චාල්ස් රජු ගේ සුවිශේෂිතම අවස්ථාවක් වන අතර එය තම මවගේ උත්සවයට වඩා චාම්ව පැවැත්වීම සඳහා ඔහු විසින් උපදෙස් දී ඇති බවට Buckingham Palace නියෝජිතයන් පවසයි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා නවසීලන්තය නියෝජනය කරමින් අගමැති Chris Hipkins, විපක්ශ නායක  Christopher Luxon, VC – Willie Apiata, හිටපු නවසීලන්ත රගර් කණ්ඩායමේ නායක Richie McCaw, Abdul Aziz, ජේෂ්‍යඨ මවුරි නායකයන් වන Kiingi Tuheitia and Dame Naida ඇතුළු ආරාධිතයින් පිරිසක් ඇතුළත් වේ. 

චාල්ස් රජුගේ රාජාභිශේකය වෙනුවෙන් මැයි 6 වන දින නවසිලන්තය පුරා ගොඩනැගිලි ගණනාවක් දම්පාටින් ආලෝකමත් වන අතර පැල සිටුවීමේ වැඩ පිළිවෙලක් ද කෙරෙනු ඇත. තවද Auckland හි Devonport සහ Wellington හි Point Jerningham යන ස්ථානවල මැයි 7 වනදා දහවල් ආචාර වෙඩිමුර තැබීමට ද සූදානම් කොට ඇත.

එපමණක් නොව මැයි  13 දින Windsor Castle හි රාජාභිශේක ප්‍රසංගයක් ද පැවැත්වෙන අතර ඒ සඳහා Katy Perry, Take That සාමාජිකයින් පස් දෙනාගෙන් තිදෙනෙකු, Lionel Ritchie, Andrea Bocelli and Bryn Terfel සහභාගීවේ. මැයි 8 වැනිදා ශ්‍රමදාන වැඩපිළිවෙළක් තම තමන්ගේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලෙසට ද ජනතාව දිරිමත්කිරීමට උපදෙස් දී ඇත.

Share this:
error: Content is protected !!
×