ශ්‍රී ලංකාවේ උපන් virus විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා Oxford විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධි ලැබූ 8 දිනා ට ඇතුළත් වී ඇත.BBC ප්‍රධාන ජාත්‍යන්
ශ්‍රී ලංකාවේ උපන් virus විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා Oxford විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධි ලැබූ 8 දිනා ට ඇතුළත් වී ඇත.
BBC ප්‍රධාන ජාත්‍යන්තර වාර්තාකරු Lyse Doucet,
චිලී රාජ්‍යය හිටපු ජනාධිපතිනි Michelle Bachelet සහ මහාචාර්ය ශ්‍රීමත් Simon Schema ඇතුළු ලොව ගෞරවාදරයට පාත්‍ර පුද්ගලයන් අට දෙනෙකු හට මෙම ගෞරව ආචාර්ය උපාධි හිමිවිය.
මලික් පීරිස් මහතා SBS, FRS, FRCP, FRCPath, FFPH Hong Kong විශ්ව විද්‍යාලයේ ජන සෞඛ්‍යය පාසලේ virus විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වේ.
ඔහු නැගී එන වයිරස් රෝග පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වයි. 2003 දී SARS රෝගයට හේතු වූ නව කොරෝනා වයිරස හඳුනාගැනීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට දායක විය.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Sir William Dunn School of Pathology හී virus විද්‍යාව හැදෑරීමට ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් හිමි විය.
Hong Kong හී Queen Mary රෝහලේ සායනික virus විද්‍යා සේවා වර්ධනය කිරීමට ඔහුව පත් කිරීමෙන් පසුව,
මෙම නව රසායනාගාරය තුළින් කුරුළු උණ (1997), SARS (2003) සහ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (2009), පැතිරීම සඳහා ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටියේය.
මහාචාර්ය පීරිස් ලන්ඩනයේ රාජකීය සංගමයේ සාමාජිකයෙකක් වේ.
ජාතික විද්‍යා ඇකඩමියේ විදේශීය සහකරුවෙක් වන අතර Silver Bauhinia Star (Hong Kong SAR) සම්මානයෙන් පිදුම් ලැබීය.
Honorary degrees were awarded to eight widely-esteemed individuals at Encaenia today 🎓
— University of Oxford (@UniofOxford) June 21, 2023
Congratulations to:
– Prof @francesarnold
– @mbachelet
– @bbclysedoucet
– Prof @FurberSteve
– Prof Paul Gilroy
– Val McDermid
– Prof Malik Peiris
– Prof Sir @simon_schama pic.twitter.com/mAUus1JPNp
මෙවර Professor Frances Arnold, Professor Stephen Furber, Professor Paul Gilroy, Val McDermid යන මහත්ම මහත්මීන් හට මෙම ගෞරව ආචාර්ය උපාධි ලබා දෙන ලදී.