HomeNews

ඕස්ට්‍රේලියාවේ, ජූලි සිට Temporary Graduate වීසා වලට වෙනසක්…

ඕස්ට්‍රේලියාවේ අධ්‍යන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සහ එම අධ්‍යාපන කටයුතු අවසන් කළ අය සඳහා විශේෂ වීසා කොන්දේසි කිහිපයක් අළුත් කොට තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ, ජූලි සිට Temporary Graduate වීසා වලට වෙනසක්…

ඕස්ට්‍රේලියාවේ අධ්‍යන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සහ එම අධ්‍යාපන කටයුතු අවසන් කළ අය සඳහා විශේෂ වීසා කොන්දේසි කිහිපයක් අළුත් කොට තිබෙනව

වීසා ඉල්ලුම්පත්‍රවල වැඩිවීම දරාගන්න පුළුවන්, Immigration NZ පවසයි
කිවියන්ට UK Working Holiday වීසා ගැන සුභ ආරංචියක්
“සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර සිදුකිරීම පිලිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.” – අගමැති හරිනි කියයි

ඕස්ට්‍රේලියාවේ අධ්‍යන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සහ එම අධ්‍යාපන කටයුතු අවසන් කළ අය සඳහා විශේෂ වීසා කොන්දේසි කිහිපයක් අළුත් කොට තිබෙනවා.

එය  ලබන ජූලි 01 වනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතයි.

ඒ අනුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදී Temporary Graduate වීසා බලපත්‍රයක් (Subclass 485) සඳහා අයදුම් කිරීමේදී අවශ්‍යතා කිහිපයක් වෙනස් වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතුවලට අදාළ skilled occupation ලැයිස්තුවේ ඇති රැකියාවකට අදාළ අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු වනවා.

485 වීසා සඳහා අයදුම් කරන විට අදාළ රැකියාව නම් කළ යුතු වේ.

අයදුම් කිරීමෙන් පසු නම් කරන රැකියාව වෙනස් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

එමෙන්ම නම් කරන ලද රැකියාව සඳහා සුදුසු ලෙස කුසලතා අදාළ තක්සේරු කිරීමේ අධිකාරියක් විසින් තක්සේරු කළ යුතුයි.

තවද ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබාගෙන සිටියදී ඔස්ට්‍රේලියාවේදී ලබාගත් සුදුසුකමක් මත කුසලතා තක්සේරු කරනවා නම්,

එය “CRICOS හි ලියාපදිංචි වූ පාඨමාලාවක් හැදෑරීම විය යුතුවීම” තවත් කොන්දේසියක් වේ.

එසේත් නැතිනම් අවම වශයෙන් Skill Assesment සඳහා ඉල්ලූම් කර ඇති බවට හෝ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනවා.

2022 ජූලි 01 සහ 2023 ජූනි 30 අතර ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා මෙම වෙනස්කම් බල නොපායි. මෙම අවශ්‍යතාවය 2023 ජූලි 01 හෝ ඊට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණක්  අදාළ වන බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

Share this:
error: Content is protected !!
×