HomeNewsNew Zealand News

වීසා ඉල්ලුම්පත්‍රවල වැඩිවීම දරාගන්න පුළුවන්, Immigration NZ පවසයි

වීසා ඉල්ලුම්පත්‍රවල වැඩිවීම දරාගන්න පුළුවන්, Immigration NZ පවසයිImage:RNZ / Marika Khabazi.

ස්ථිර පදිංචිය සඳහා වන ඉල්ලුම්පත්‍රවල වැඩිවීම තමන්ට කළමනාකරණය කරගැනීමට හැකි බව නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව Immigration New Zealand (INZ) පවසයි. 200,0

නවසිලන්ත ශිෂ්‍ය වීසා ක්‍රමවේදයේ අලුත්ම වෙනස
ද්විතීයික පාසල් ගුරුවරුන් සඳහා නවසීලන්ත Fast-Track Residency…
නවසීලන්තයේ Work වීසා හිමියන්ගේ සහකරුවන්ට විවෘත රැකියා (open work visa) අවස්ථා

ස්ථිර පදිංචිය සඳහා වන ඉල්ලුම්පත්‍රවල වැඩිවීම තමන්ට කළමනාකරණය කරගැනීමට හැකි බව නවසීලන්ත ආගමන දෙපාර්තමේන්තුව Immigration New Zealand (INZ) පවසයි. 200,000 කට අධික සංක්‍රමණිකයින් ප්‍රමාණයකට පසුගිය කොවිඩ් අර්බුධ සමයේ fast-track ක්‍රමය හරහා පදිංචිය ලබා දී ඇති අතර එම සියලු දෙනාටම වසර දෙකක ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පටන් ගෙන තිබේ. දෙසතියකට පෙර අන්තර්ජාලය හරහා අදාල පෝරම ලබා ගත හැකි වීමෙන් පසු පුද්ගලයින් 3,500 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ස්ථිර පදිංචි වීසා අයදුම්පත් පුරවා ඇත.

කෙසේ වෙතත් යම් යම් අවස්ථා වලදී තාක්ෂණික දෝෂ මතුවී ඇති බව වාර්තාවුවත් INZ හි අන්තර්ජාල සේවා අධ්‍යක්ෂ Katy MacLeod පැවසුවේ, ඇති වී තිබෙන අධික ඉල්ලුම පද්ධතියට දරාගත හැකි බවත්, ඒ සම්බන්ධව තමන් ඇතුළු කණ්ඩායමක් එකතුව පද්ධති කාර්යක්ෂමතාවය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

Note: This story was originally published by RNZ News. This translation is by NZLankaNews, not by RNZ

Share this:
error: Content is protected !!
×