HomeNews

ඇෆ්ගනිස්ථානයේ පාසල් යන වයසේ ගැහැණු ළමයින්ට වස ශරීරගතවී ඇති බව බලධාරීහු පවසති.

ගැහැණු ළමයින් 80 කට ආසන්න සංඛ්‍යාවක්, සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ Sangcharak දිස්ත්‍රික්කයේ රෝහල් ගත කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ පාසල් යන වයසේ ගැහැණු ළමයින්ට වස ශරීරගතවී ඇති බව බලධාරීහු පවසති.

පාසල් යන වයසේ ගැහැණු ළමයින් 80 කට ආසන්න සංඛ්‍යාවක්, සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ Sangcharak දිස්ත්‍රික්කයේ රෝහල් ගත කර ඇත.උතුරු Sar-e-Pul පළාතේ අධ්‍

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ
දිසා තුනකට නාය යෑමේ අවදානමක්
ජනපති අනුර නැති ටිකේ වැඩ බලන්න ඇමතිවරු 5ක් පත් කෙරේ

පාසල් යන වයසේ ගැහැණු ළමයින් 80 කට ආසන්න සංඛ්‍යාවක්, සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ Sangcharak දිස්ත්‍රික්කයේ රෝහල් ගත කර ඇත.

උතුරු Sar-e-Pul පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Mohammad Rahmani මේ පිළිබඳව පවසයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන අතර අපරාධකරු, චේතනාව සහ පාසල් දරුවන්ට එරෙහිව භාවිතා කළ විෂ වර්ගය පිළිබඳව මෙතෙක් නිලධාරීන්ට අපැහැදිලි බව පවසයි.

උදෑසන පාසලට පැමිණි පසු, සිසුන්ට හදිසියේම කරකැවිල්ල, හිසරදය සහ ඔක්කාරය දැනෙන්නට පටන් ගෙන ඇත.

සිසුන් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කළ නමුත් තත්වය වඩාත් බරපතල වූ 14 දෙනෙකු පළාත් අගනුවර රෝහලකට ප්‍රවාහනය කළ බව Rahmani පවසයි.

Sar-e-Pul රෝහලේ වෛද්‍යවරයකු තහවුරු කළේ සමහර ගැහැණු ළමයින් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ රෝග ලක්ෂණ අනුව වස ශරීරගතවී ඇති බව ඔහු විශ්වාස කරයි.

2021 දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසු ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය මතභේදාත්මක ගැටළුවක් බවට පත්ව ඇත.

ජාත්‍යන්තර බලපෑම් හමුවේ තලේබාන් සංවිධානය විසින් වයස අවුරුදු 12 පමණ වනතුරු ප්‍රාථමික පාසල්, ගැහැණු ළමුන් සඳහා විවෘතව තබන ලදී.

Share this:
error: Content is protected !!
×