චැට් ජී.පී.ටී. හි නිර්මාතෘ සෑම් ඇල්ට්මන් විසින් කෘතිම බුද්ධිය නියාමනය කරන ලෙස එක්සත් ජනපද නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා ඇත. මෙහි පිටුපස සිටින ඕපන් ඒ.අයි
චැට් ජී.පී.ටී. හි නිර්මාතෘ සෑම් ඇල්ට්මන් විසින් කෘතිම බුද්ධිය නියාමනය කරන ලෙස එක්සත් ජනපද නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා ඇත. මෙහි පිටුපස සිටින ඕපන් ඒ.අයි හි ප්‍රධාන විධායක සෑම් ඇල්ට්මන් අගහරුවාදා එක්සත් ජනපද සෙනෙට් කමිටුවක් ඉදිරියේ නව තාක්ෂණයේ හැකියාවන් හා අන්තරායන් පිළිබඳ සාක්ෂි දුන්නේය.
මාස කිහිපයක් ඇතතුලත කෘතිම බුද්ධි මාදිලි කිහිපයක් වෙළඳපොලට පැමිණ ඇත. කෘතිම බුද්ධි නිෂ්පාදන සමාගම්වලට බලපත්‍ර ලබාදීම සඳහා නව ආයතනයක් පිහිටවිය යුතු බව ඇල්ට්මන් පැවසීය. කෘතිම බුද්ධියට මනුෂ්‍යයන් ලෙසින් ම පිළිතුරු නිර්මාණය කළ හැකි නමුත් ඒවා ඉතා සාවද්‍ය විය හැකි බව ඔහු පැවසීය. මෙමගින් රැකියා ප්‍රතිස්ථාපනයට හා ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කළ හැකි බව ඔහු පිළිගන්නා ලදී.
කෙසේ වෙතත් සමහර සෙනෙට් සභිකයින් තර්ක කළේ මිනිසුන්ට කෘතිම බුද්ධියට එරෙහිව නඩු පැවරීම පහසු කිරීම සඳහා නව නීති අවශ්‍ය බවයි. ඇල්ට්මන් නීති සම්පාදකයින්ට පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති විය හැකි බලපෑම සහ මැතිවරණ වලදී ඉලක්කගත වැරදි තොරතුරු යැවීමට කෘතීම බුද්ධිය භාවිතා කළ හැකි ආකාරය ගැන තමා කණගාටුවට පත්ව සිටින බවයි. කෘතිම බුද්ධි නිර්මාණ සමාගම් සඳහා බලපත්‍ර ලබාදීම සහ ඉවත් කිරීම ඇතු`ඵව එක්සත් ජනපදයේ නව නියෝජිත ආයතනයකට කර්මාන්තය නියාමනය කළ හැකි ආකාරය සඳහා ද ඔහු යෝජනා කිහිපයක් ලබා දුන්නේ ය.
සෙනට් සභික ජොෂ් හව්ලි නව තාක්ෂණය පරමාණු බෝම්බයකටත් රිචට් බ්ලූමෙන්තල් කෘතිම බුද්ධි ආධිපත්‍ය සහිත අනාගතය අපට අවශ්‍ය අනාගතය නොවන බවත් පවසා සිටියේ ය. කෙසේ නමුත් කෘතිම බුද්ධිය නියාමනය කිරීමට නව ආයතනයක් සඳහා ද්වී පාර්ශ්වික සහයෝගය ලැබී ඇත.