HomeGeneral

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා නව නිවාස ව්‍යාපෘතියක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා නව නිවාස ව්‍යාපෘතියක්

විදේශගත ශ්‍රමිකයන් සඳහා පමණක් වෙන් වූ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

හොරකම් වලට සජිත්ගෙන් චෝදනා …
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල
ශ්‍රී ලංකා ඇතුළුව ඉදිරි තරඟ සංචාර සඳහා නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

විදේශගත ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා අනුව නාගරික තට්ටු නිවාස හා ග්‍රාමීය තනි නිවාස ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (16) නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි මූලික කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. සමීක්ෂණ කටයුතු සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා සිදු කිරීමට නියමිතය. මෙමඟින් ලබාගන්නා විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දත්ත පරීක්ෂා කිරීමෙන් පසු ඉදිවන නිවාස සංඛ්‍යාව සහ ඒවා ඉදිකරන ප්‍රදේශ හඳුනා ගැනේ.

නිවාස සංවර්ධන අධිකාරියට සහ රජයට අයත් ඉඩම්වල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම හමුවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා ඇතුඵ නිලධාරීහු සහභාගී වී සිටියහ.

Share this:
error: Content is protected !!
×