ශ්‍රී ලංකාවට 200,000 කට අධික සංචාරකයන් අඛණ්ඩව පැමිණීම් සමඟ තෙවැනි මාසය සනිටුහන් කළේය. මෙම වසරේ (2024) පෙබරවාරි මස සංචාරක පැමිණීම 2020 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වේ.
පෙබරවාරි මාසය තුල වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 32,030කි. තවද ඉන්දියාවෙන් 30,027 එක්සත් රාජධානිය 20,614 ජර්මනියෙන් 16,259 චීනයෙන් 14,836 ප්‍රංශයෙන් 12,503 පැමිණ ඇත. මීට අමතරව පෝලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, නෙදර්ලන්තය යන රටවලින් ද සංචාරකයින් පෙබරවාරි මාසයේ වැඩි පිරිසක් පැමිණි රටවල් 10අතර සිටීයි.
