HomeGeneral

ඉන්දියාවේ රිලයන්ස් සමාගම, දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලාංකික සමාගමක් සමඟ එක්වෙයි

ඉන්දියාවේ රිලයන්ස් සමාගම, දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලාංකික සමාගමක් සමඟ එක්වෙයි

ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සමාගමක් වන Ceylon Beverage International සමඟ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ගෙවන බදු අඩු කිරීමට කැබිනට් අනුමැතිය…
වසර 105කට පසු සුමංගල හිමිගේ අඩිපාරේ Oxford යන සමිතරතන හිමි
ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට සමාගම් 6ක් …

මුකේෂ් අම්බානිගේ නායකත්වයෙන් යුත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ඉන්දියාවේ දැවැන්ත සිසිල් බීම වෙළඳපොලේ සිය ආධිපත්‍යය තහවුරු කිරීමට ආක්‍රමණශීලීව කටයුතු කරයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, මුකේෂ් අම්බානි විසින් දශක ගණනාවක් පැරණි සන්නාමය වන Campa Cola නව මුහුණුවරකින් දියත් කර ඇත. මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගම ඉන්දියානු සිසිල් බීම වෙළඳපොලේ උපරිම කොටස අත්පත් කර ගැනීමේ අරමුණින් ගිවිසුම් අත්සන් කරන අතර පෙප්සි සහ කොකා-කෝලා වැනි ප්‍රධාන සමාගම් සඳහා ශක්තිමත් තරඟකරුවන් ලෙස ඉස්මතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රිලයන්ස් විසින් ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ගනුදෙනුවේ කොටසක් ලෙස මුරලිදරන් ගේ සමාගම Campa Cola සඳහා ටින් ඇසුරුම් කිරීමේ කටයුතු සිදු කරනු ඇත. Ceylon Beverages සමාගම ඇසුරුම් කටයුතු සඳහා ඉදිරියේදී ඉන්දියාවේ ඇසුරුම්කරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ඉන්දිය කර්මාන්ත ශාලාව තුරු Ceylon Beverages Sri Lanka කර්මාන්ත ශාලාවෙන් ටින් කළ Campa Cola ආනයනය කෙරේ.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි ඒකකයක් වන Reliance Consumer Products, Reliance’s Campa සිසිල් බීම පරාසයේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ හවුල්කාරිත්වය සඳහා චෙන්නායි හි පිහිටි සමාගමක් වන Kali Aerated Water Works සමඟ මීට පෙර සම්බන්ධ වී ඇත. Reliance Consumer විසින් Campa Cola සමාගම Pure Drinks Group වෙතින් 2022 දී මිලදී ගෙන ඇත. ඉන් පසුව Reliance Consumer විසින් මෙම වෙළඳ නාමයට නව මුහුණුවරක් ලබා දෙමින් නැවත එළිදක්වන ලදී. එය ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා වෙළඳපොලට හඳුන්වා දී ඇත. රිලයන්ස් සමාගම ඉතා ඉක්මනින් Campa Cola ඉන්දියාව පුරා දියත් කිරීමට සූදානම් වන අතර මෑත ගනුදෙනු මගින් සමාගමට සිය ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share this:
error: Content is protected !!
×