HomeWorld News

ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් සඳහා නීති දැඩි කරයි

ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් සඳහා නීති දැඩි කරයි

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අයවැය මඟින් ශිෂ්‍ය වීසා බලපත්‍ර සඳහා නව රෙගුලාසි යෝජනා කර ඇති අතර, එමඟින් ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියෙකුට සතියකට වැඩ කළ හැකි උපරිම

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට.
ඕස්ට්‍රේලියානු පාසලක් ක්‍රිකට් ප්‍රධාන විෂයක් ලෙස හඳුන්වා දෙයි
නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අයවැය මඟින් ශිෂ්‍ය වීසා බලපත්‍ර සඳහා නව රෙගුලාසි යෝජනා කර ඇති අතර, එමඟින් ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියෙකුට සතියකට වැඩ කළ හැකි උපරිම පැය ගණන ජූලි 1 වනදා සිට පැය 48 දක්වා සීමා කෙරේ. නමුත් වයස්ගත රැකවරණවල සේවය කරන සිසුන් සඳහා වසර අවසානය දක්වා පමණක් අසීමිත පැය ගණනක් වැඩ කළ හැකි ය. ඇතැම් ක්ෂේත්‍රවල පවතින ශ්‍රම හිඟයට පිළියම් යෙදීමේ මාර්ගයක් ලෙස ශිෂ්‍ය වීසා භාවිතා කිරීමට කම්කරු පක්ෂය සැලසුම් කරයි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ඉගෙන ගත හැක්කේ කාටද යන්න පිළිබඳව නීති දැඩි කරමින් සිටින බවත් ඊට හේතුවන්නේ බොහෝ අය එය අධ්‍යාපනය සඳහා වෙනුවට ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් ලෙස භාවිතා කරන බැවිනි. වැඩ කරන නිවාඩු සහ කෙටි කාලීන වීසා ගාස්තු 21% කින් සහ තාවකාලික හෝ ස්ථිර පදිංචි වීසා ගාස්තු 06% කින් වැඩි කිරීමට ද රජය යෝජනා කර ඇති අතර එමඟින් වසරකට ඩොලර් මිලියන 660 ක අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

Share this:
error: Content is protected !!