HomeNew Zealand

නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය සැමරේ.

නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය සැමරේ.

නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය සැමරේ.

නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය සැමරේ. Deaf Aotearoa ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙය බිහිරි පුද්ගලයින්ගේ හඬ නියෝජනය කරන ජාතික සංවිධානයක් වන අතර නවසී

Vaping සම්බන්ධව නවසීලන්ත රජය නව රෙගුලාසි පනවයි…
USLA (Auckland) ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා ‘සියල්ල නොමිලේ දිනය’ සංවිධානය කරයි
නවසීලන්ත වැසියන්ගෙන් අඩකට වැඩි පිරිසක් මූල්‍යමය වශයෙන් අස්ථාවර බව සමීක්ෂණයකින් හෙළිවෙයි

නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය සැමරේ. Deaf Aotearoa ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙය බිහිරි පුද්ගලයින්ගේ හඬ නියෝජනය කරන ජාතික සංවිධානයක් වන අතර නවසීලන්තයේ බිහිරි පුද්ගලයින් සඳහා ජාතික සේවා සපයන්නා වේ. නවසීලන්තයේ බිහිරි ප්‍රජාවගේ සංස්කෘතිය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගැනීමට මින් අවස්ථාව සලසා දෙනු ලබයි. මෙහිදී නවසීලන්ත වැසියන් හට සංඥා භාෂාව ඉගෙනීම සඳහා  දිරිමත් කරන පන්ති සහ ඒ සදහා අවශ්‍ය භෞතික සම්පත් බෙදාගැනීම සඳහා අවස්ථාව දී ඇත. Aotearoa හි, බිහිරි පුද්ගලයින් 4,600 ක් පමණ නවසීලන්ත සංඥා භාෂාව (NZSL) ඔවුන්ගේ මූලික සන්නිවේදන ක්‍රමය ලෙස භාවිතා කරන අතර, බිහිරි දරුවන්ගේ දෙමාපියන් සහ අනෙකුත් පවුල් ඇතුළුව නවසීලන්ත සංඥා භාෂාව (NZSL) භාවිතා කරන 23,000 කට අධික පිරිසක් සිටිති. 

එපමණක් නොව 2006 දී නවසීලන්ත භාෂා පනත මගින් නිල නවසීලන්ත භාෂාවක් ලෙස නවසීලන්ත සංඥා භාෂාව පිළිගත් අතර එය රාජ්‍ය සහ නීතිමය කටයුතු සඳහා නීත්‍යානුකූලව භාවිතා කළ හැක. මෙවර සංඥා භාෂා (NZSL) සතිය තේමාව වන්නේ “එකට අපට NZSL දියුණු කළ හැක”, නවසීලන්ත සංඥා භාෂා (NZSL) සතිය මේ වසරේ මැයි 8 සිට 14 දක්වා සමරනු ලබන අතර, නවසීලන්ත සංඥා භාෂාව (NZSL) හි සංස්කෘතිය සැමරීම Deaf Aotearoa සංවිධානයේ මූලික අරමුණ වන අතර එමගින් බිහිරි පුද්ගලයන් හට සමාජය වඩාත් සුවපහසු තැනක් බවට පත් කිරීමට මොවුන් බලාපොරොත්තු වේ.

Share this:
error: Content is protected !!
×