HomeNews

ඩලාස් තුවක්කුකරුගේ අරමුණ කුමක්ද? පරීක්ෂණ ඉදිරියට.

ඩලාස් හී වෙළඳසංකීර්ණයකදී එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හමුවේ පුද්ගලයින් 8 දෙනෙකු ඝාතණය වී ඇත.

ඩලාස් තුවක්කුකරුගේ අරමුණ කුමක්ද? පරීක්ෂණ ඉදිරියට.

සෙනසුරාදා සවස තුවක්කුකරුවකු විසින් ඩලාස් හී වෙළඳසංකීර්ණයකදී එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හමුවේ පුද්ගලයින් 8 දෙනෙකු ඝාතණය වී ඇති අතර තවත් පිරිසක් රෝහල් ග

වයිරරාපා ප්‍රජාවට නුපුරුදු ශ්‍රී ලාංකිකයාගේ විශිෂ්ඨ දස්කම්…
එල් නිනෝ කාලගුණ තත්ත්වය නවසීලන්ත වෙරළ ආශ්‍රිතව මෝරුන් ආකර්ෂණයට ඉඩ ඇති බව විද්‍යාඥයින් පවසයි
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට.
සෙනසුරාදා සවස තුවක්කුකරුවකු විසින් ඩලාස් හී වෙළඳසංකීර්ණයකදී එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හමුවේ පුද්ගලයින් 8 දෙනෙකු ඝාතණය වී ඇති අතර තවත් පිරිසක් රෝහල් ගතකරන ලදී.  එම තුවක්කුකරු අන්ත දක්ෂිණාංශික සබඳතා පැවැත්වූයේ දැයි ෆෙඩරල් බලධාරීන් විමර්ශනය කරමින් සිටී. තුවක්කුකරු, පොලිස් නිලධාරියෙකු විසින් එම ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර ඇති අතර ප්‍රහාරකයා 33 හැවිරිදි Mauricio Garcia ලෙස හඳුනගෙන ඇත.

විමර්ශකයින් ඔහුගේ මතවාදය සොයා බැලීම සඳහා සමාජ මාධ්‍ය සමාලෝචනය කරමින් සිටින බව CBS ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ප්‍රහාරය අතරතුර ඔහු “Right Wing Death Squad” යන්නෙන් අදහස් කරන RWDS අක්ෂර සහිත ඇඳුම් පැල්ලමක් පැළඳ සිටියේය. මෙය දක්ෂිණාංශික අන්තවාදීන් “Right-Wing Extremists” සහ සුදු ආධිපත්‍ය කණ්ඩායම් “White Supremacy Groups” අතර ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයකි. ඔහු මෙම මතවාද වලට පෙළඹී සිටියේද යන්න සහ ඔහුට සමාන අදහස් ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධතා තිබුනේද යන්න විමර්ශකයන් වැඩිදුරටත් සොයා බලමින් සිටී.

Share this:
error: Content is protected !!