HomeWorld News

MasterChef විනිසුරු Jock Zonfrillo හදිසියේ මියයයි

MasterChef විනිසුරු Jock Zonfrillo හදිසියේ මියයයි

ඕස්ට්‍රේලියානු MasterChef තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ Jock Zonfrillo හදිසියේ මියගොස් තිබෙනවා. වික්ටෝරියා පොලිස් ප්‍රකාශක පවසන පරිදි ඔහුගේ

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟය ජූනි 07 වන දා Oval හී දී.

ඕස්ට්‍රේලියානු MasterChef තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ Jock Zonfrillo හදිසියේ මියගොස් තිබෙනවා. වික්ටෝරියා පොලිස් ප්‍රකාශක පවසන පරිදි ඔහුගේ අභාවය මැයි පළමු වැනිදා පාන්දර 2 ට පමණ සිදු වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.  තවද එම මරණය සැකකටයුතු මරණයක් නොවන බවද සඳහන්.

Jock ස්කොට්ලන්තෙ උපත ලබා පසුකාලීනව ඕස්ට්‍රේලියාවට පැමිණ ජීවත් වූ අතර කුඩා කල සිටම සූපවේදය සඳහා වැඩි ඇල්මක් දැක් වූ අයෙක්. 

ලොව පුරා MasterChef තරගාවලිය අතිශය ජනප්‍රිය සූපවේදී තරගාවලියක් වන අතර Jock එහි විනිසුරුවරයෙක් මෙන්ම නිවේදකයා ලෙස ද කටයුතු කරනු ලැබුවා. එය විකාශය කළ Network 10 ආයතනය පවසන්නේ Jock ඕස්ට්‍රේලියානු සූපවේදීන් හට ආදර්ශමත් අයෙක් වශයෙන් හැඳින්විය හැකි බවයි. Jockගෙ හදිසි අභාවය හේතුවෙන් නවතම කතාංග මාලාව විකාශය කිරීම ද Network 10 ආයතනය සතියකින් කල් දමා තිබෙනවා. මිය යන විට ඔහු 46 වැනි වියෙහි පසුවුනා.

Share this:
error: Content is protected !!
×