3 වන චාල්ස් රජතුමන්ගේ රාජාභිශේකය මැයි 6 වන දින, එනම් අද Westminster Abbey හීදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරයි. ඒ හේ
3 වන චාල්ස් රජතුමන්ගේ රාජාභිශේකය මැයි 6 වන දින, එනම් අද Westminster Abbey හීදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකරයි. ඒ හේතුවෙන් ලොව පුරා රාජ්‍යතාන්ත්‍රිකයින් රැසකට ආරධනාකර ඇති බව සඳහන්. ඒ අතර බ්‍රිතාන්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වෙනත් ජාතීන්ගේ රාජ්‍ය නායකයින්ට මෙන්ම බ්‍රිතාන්‍ය රාජධානිවල සහ විදේශීය ප්‍රදේශවල නියෝජිතයින්ට ආරාධනා කර ඇත.
උතුරු කොරියාව සහ නිකරගුවාව සඳහා රාජ්‍ය නායකයින්ට වඩා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ආරාධනා කර ඇත. එසේ වුවත් Russia, Belarus, Iran, Myanmar, Syria, Afghanistan සහ Venezuela යන රටවල නායකයින්ට චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා බ්‍රිතාන්‍යය ආරාධනා කර නොමැති බව බ්‍රිතාන්‍ය මූලාශ්‍ර සඳහන් කළ බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.