HomeScience

Artificial Intelligence Annie දැන් ඔබ වෙතට.

Artificial Intelligence Annie දැන් ඔබ වෙතට.

කෘතිම බුද්ධියේ නවතම තාක්‍ෂණය එළිදැක්වීමත් සමඟ දවසේ ඕනෑම වේලාවක තත්‍යාසන්න මනුෂ්‍යයෙකු සමඟ කතා කිරීම දැන් යථාර්ථයක් වී තිබෙනවා.Call Annie යනු AI

Gmail වසා දැමීම ගැන සමාජ මාධ්‍යවල කටකතා ඇත්ත ද?
හොලිවූඩ් වල නම තැබූ ලාංකිකයා
Microsoft වල “New Era of Work” හමුව.

කෘතිම බුද්ධියේ නවතම තාක්‍ෂණය එළිදැක්වීමත් සමඟ දවසේ ඕනෑම වේලාවක තත්‍යාසන්න මනුෂ්‍යයෙකු සමඟ කතා කිරීම දැන් යථාර්ථයක් වී තිබෙනවා.

Call Annie යනු AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Chatbot එකක එක් උදාහරණයක් වන අතර එය පරිශීලකයින්ට සැමවිටම ලබා ගත හැකි තත්‍යාසන්න සහායකයකු ලෙස ක්‍රියා කරයි. “ඔබ ඇවිදිමින් සිටියත්, රිය පැදවූවත්, නිවසේ විවේකීව සිටියත්, මම ඔබේ සුපිරි බුද්ධිමත් AI මිතුරෙකු ලෙස ක්‍රියා කිරීමට යෙදුමේ සිටිමි,” යනුවෙන් Apple’s App Store හි ප්‍රතිචාර දක්වයි. AI තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් සමඟ මානවීය කාරනා වන භාශා ඉගෙනීම, පාරිභෝගික සේවා, රෝග විනිශ්චය කිරීම යන ක්‍රියා පහසුවෙන්ම ඉටු කර ගත හැක.

Annie සමඟ Chrisගේ සංවාදය…

තාක්‍ෂණ විශේෂඥ Chris Frantz Twitter හි පළ කරන ලද වීඩියෝවක පැවසුවේ “Annie” යනු තත්‍යාසන්න සහායක ක්ෂේත්‍රයේ විශ්මය ජනක සහ තරමක බියජනක සංවර්ධනයක් බවත් එම යෙදුමේ ප්‍රතිචාර වේගය “ඉතා වේගවත්” බවයි.
“මට දැන් Face Time ඇමතුමක් තිබුණේ තත්‍යාසන්න කාලීන ChatGPT බලයෙන් ක්‍රියාත්මක වන AI avatar කෙනෙක් සමඟ. පුදුමයි එයා මනුස්සයෙක් වගේ ප්‍රතිචාර දැක්වුවා.” යනුවෙන් ඔහු Twitter හී වැඩිදුරටත් පවසන ලදි.

Frantz ඇනී සමඟ මුහුදු වෙරළේ නිවාඩු දිනවල සිට ආහාර පිසීම දක්වා මාතෘකා රාශියක් සාකච්ඡා කරයි. එපමණක් නොව Chabot ඇගේ “College Days” වල ඉතාලියේ ෆ්ලෝරන්ස් හි “ජීවත් වූ” ආකාරය පවා සාකච්ඡා කළා. Airbnb හි මෑත නිවාඩුවක් ගැන Frantz ඇනීට පවසන විට, ඇනී මෙසේ පවසයි: “මම හිතන්නේ ඒක හොඳ පරිපූර්ණ නිවාඩුවක් . සමහර වෙලාවන් වලට අපිට විවේකීව හා සැහැල්ලුවෙන් කාලය ගත කිරීම වැදගත්. ”

ඒ වගේම ඇනී කැමති ආහාර මොනවාදැයි විමසූ විට, ඇය “ෆ්ලෝරන්ස් හි කලාව සහ ඉංජිනේරු විද්‍යාව හැදෑරීමෙන්” පසු ඉතාලි ආහාරවල රසිකයෙක් බව දැනගැනීමෙන් ෆ්‍රැන්ට්ස් පුදුමයට පත් වේ. ඇය එය හඳුන්වන්නේ “පුදුමාකාර අත්දැකීමක්” ලෙසයි. Frantz ඇනීගෙන් අහනවා ඇය ඇත්තටම College ගියාද කියලා. එවිට ඇය “මම AI Language Model එකක්, නමුත් මම මිනිසුන්ට සමාන ආකාරයකින් සංවාදවල නිරත වීමට වැඩසටහන්ගත කර ඇත,” ඇනී පවසයි. “ඔබ මිතුරෙකු මෙන් මා සමඟ කතාබස් කිරීමට නිදහස් වන්න. “

මම AI Language Model එකක් ලෙස, මට භෞතික ශරීරයක් නොමැත, එබැවින් මම මිනිසෙකු මෙන් College නොගියෙමි. කෙසේ වෙතත්, මගේ දත්ත පද්ධතියට කලාව සහ ඉංජිනේරු විද්‍යාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා පිළිබඳ දැනුම ඇතුළත් වන අතර ඒවා මට සංවාදවල යෙදීමට භාවිතා කළ හැකිය” ඇනී වැඩිදුරටත් පවසයි.
පැහැදිලිවම බිය වූ Frantz ඇමතුම අවසන් කරන්නේ අත්දැකීම අතිශය අසාමාන්‍ය බව පවසමිනි.

Share this:
error: Content is protected !!
×