HomeNews

Facebook හිමිකරුට යුරෝ බිලියන 1.2ක දඩයක්.

දත්ත වැරදි ලෙස හැසිරවුයේ යැයි ෆේස්බුක් හිමිකරුට දඩයක්.

Facebook හිමිකරුට යුරෝ බිලියන 1.2ක දඩයක්.

දත්ත වැරදි ලෙස හැසිරවුයේ යැයි ෆේස්බුක් හිමිකරුට දඩයක්.යුරෝපය සහ එක්සත් ජනපදය අතර පුද්ගලයින්ගේ දත්ත හුවමාරු කිරීමේදී ඒවා වැරදි ලෙස හැසිරවීම,නි

දස වසරකට පසු මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීම තුළින් තවත් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වෙනවා
කොළඹ වරාය සංවර්ධනය සඳහා ඇමරිකාවෙන් ආයෝජනයක්
නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා චීන සහය…

දත්ත වැරදි ලෙස හැසිරවුයේ යැයි ෆේස්බුක් හිමිකරුට දඩයක්.

යුරෝපය සහ එක්සත් ජනපදය අතර පුද්ගලයින්ගේ දත්ත හුවමාරු කිරීමේදී ඒවා වැරදි ලෙස හැසිරවීම,

නිසා ෆේස්බුක් හිමිකාරිත්වය දරන සමාගම වන META සමාගමට යුරෝ බිලියන 1.2ක (පවුම් බිලියන 1ක) දඩයක් නියම කර තිබේ.

මෙම දඩය අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම (Data Protection Commission – DPC) විසින් නියම කරනු ලැබ ඇත.

එම දඩ මුදල යුරෝපා සංගමයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (General Data Protection Regulation – GDPR) පෞද්ගලිකත්ව නීතිය යටතේ පනවන ලද විශාලතම දඩ මුදල වේ.

GDPR විසින් යුරෝපා සංගමයෙන් පිටතට පරිශීලක දත්ත මාරු කිරීමේදී සමාගම් අනුගමනය කළ යුතු නීති සම්පාදනය කරනු ලබයි.

META සමාගම පවසන්නේ මෙම “අසාධාරණ සහ අනවශ්‍ය” තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ය.

2021 වසරේදී, Amazon සමාගමට යුරෝපා සංගමයේ පෞද්ගලිකත්ව ප්‍රමිතිය (privacy standard) උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එලෙස ම දඩ නියම විය.

අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම විසින්, මෙටා සාමාගම සතු තවත් ව්‍යාපාරයක් වන වට්ස්ඇප් සමාගමට ද දැඩි රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබේ.

Share this:
error: Content is protected !!