HomeGeneral

ශ්‍රී ලංකාවෙන් චීනයට යන්න සැරසෙන වඳුරන්

ශ්‍රී ලංකාවෙන් චීනයට යන්න සැරසෙන වඳුරන්

ශ්‍රී ලංකාවේ වඳුරන් (Toque macaque) සඳහා චීනයෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර එමඟින් මෙරට වඳුරු ගහනය ඉක්මවීමේ ගැටලුව විසඳීමට උපකාරී වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍යට ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ෆෝබ්ස් සඟරාවට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථානවලට ශ්‍රී ලංකාව එක්වෙයි
එදිනෙදා භාවිත කරන ප්ලාස්ටික් ජූලි මාසයේ සිට තහනම්
රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්, ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැත

චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලාංකික වඳුරන් ලබාදෙන ලෙස චීන නියෝජිත පිරිසක් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. වැඩසටහනේ පළමු අදියර යටතේ වඳුරන් ලක්ෂයක් චීනයට පිටත්කර හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව සිට ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් වඳුරු ගහනය ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයකට පැමිණ ඇති බවත් එම සතුන් දේශීය වගාවන්ට තර්ජනයක් වී ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය විය. වැඩසටහන සඳහා වන නීතිමය ක්‍රියා පටිපාටි අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. චීනයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ වඳුරු ගහනය මැඩපැවැත්වීම සඳහා පළාත් පාලන ආයතන පියවර කිහිපයක් ගෙන ඇති අවස්ථාවකයි. වගාවන් බේරා ගැනීම සඳහා වඳුරන් (toque macaque) මරා දැමීමට ගොවීන්ට අනුමැතිය ලබාදී ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රිලවා නමින් ප්‍රකට වඳුරු ගහනය පාලනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂිත විශේෂ ලැයිස්තුවේ වඳුරන් නොමැති බව ඔහු පැවසීය.

Share this:
error: Content is protected !!
×