HomeGeneral

රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්, ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැත

රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්, ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැත

අද උදෑසන මඩකලපුවේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 310ක් දුරින් රිච්ටර් මාපක 4.6ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ නමුත් කිසිදු හානියක් හෝ සුනාමි තර්ජනයක් සිදුවී නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (National Tsunami Early Warning Centre - NTEWC) පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට සමාගම් 6ක් …
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරඟය
ශ්‍රී ලංකාවේ මාසයක් ඇතුළත අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර අයදුම්කිරීමේ විශාල වර්ධනයක්

ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.29 ට සිදු වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 4.6 ක මූලික ප්‍රබලත්වයෙන් යුක්ත වූ අතර එය මඩකලපුවේ සිට කිලෝමීටර් 310 ක් පමණ ඊසාන දෙසින් සහ කිලෝමීටර් 10 ට අඩු ගැඹුරකින් ඇති වූ බව ඔවුහු පැවසූහ. භූමිකම්පාව ගොඩබිම සිට බොහෝ දුරින් සිදුවී ඇති නිසා කිසිදු හානියක් හෝ ජීවිත හානි අපේක්ෂා නොකෙරේ. භූමිකම්පාවේ විශාලත්වය සුනාමි තර්ජනයක් ඇති කිරීමට තරම් ප්‍රභල නොවීය.

Share this:
error: Content is protected !!
×