HomeNewsNew Zealand News

දෙවන විස්සයි 20 තරගයෙන් නවසීලන්තයට ජය, තරඟාවලිය විවෘතයි

දෙවන විස්සයි 20 තරගයෙන් නවසීලන්තයට ජය, තරඟාවලිය විවෘතයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඩනෙඩින්හිදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 9කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. හැමිල්ටන්හිදී පැවැති

අයහපත් කාලගුණය නවසීලන්තයේ ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ෆෙරී ගමන් වලට බාධා ඇති කරයි
Health New Zealand හි බිලියන 1.4 ක හිඟයක් හෙළි වෙයි…
2024 නවසීලන්තයේ වඩාත්ම විශ්වාසදායක සන්නාම…

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඩනෙඩින්හිදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 9කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. හැමිල්ටන්හිදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේය. නවසීලන්තය පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර, ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ආරම්භයකින් පසුව ඕවර හතක් තුළ කඩුලු 8ක් දැවී ගියහ. නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් කඩුලු 5ක් දවාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141කට ශ්‍රී ලංකා ඉනිම නිමා කළේය. පළමු තරගයේ පිතිකරණ ස්වරූපය යළි ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

නවසීලන්ත පිලේ චැඩ් බෝව්ස් පන්දු 15කදී ලකුණු 31ක් රැස්කළ අතර ටිම් සීෆර්ට් පන්දු 43කදී ලකුණු 79ක් රැස්කළේය. නවසීලන්තය එක් කඩුල්ලක් දැවී තරගය ජයගත් අතර තෙවැනි සහ තීරණාත්මක තරගය සෙනසුරාදා ක්වීන්ස්ටවුන්හිදී පැවැත්වේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×